සැගවුනු බිත්තර : Easter Eggs
Easter Eggs නැත්නම් සැගවුනු බිත්තර ගැන කවුරුත් දන්නවා ඇති. විවිධ මෘදුකාංග තුළ තියෙන, කෙලින්ම සොයාගන්න බැරි විවිධ ක්‍රියාකාරකම් මේ යටතට ගැනෙනවා. මේ Easter Eggs බලා ගන්න මෘදුකාංගයේ සෘජු පහසුකමක් ලබා දීලා නෑ. යම් Code එකක් හෝ key එකක් ලබා දීම මගින් හෝ කිසියම් ක්‍රමවත් ක්‍රියාවලියකින් පසුව තමයි මේවා බලාගන්න පුළුවන්.
ඉතින් මොනවද මේ කියන Easter Eggs? කොහොමද ඒවා බලාගන්නේ? මොන software වලද මේවා තියෙන්නේ? ප්‍රශ්න ගොඩක් නේද? මේවා සොයාගන්න web site එකක් තියෙනවා. ඒ අය කියන විදියට windows xp වල මේ Easter Eggs 14 ක් තියෙනවා. Ubuntu වල 3 ක් තියෙනවා. (ubuntu වල ඉතින් හංගපුවා නෑනේ
)
operating system වල විතරක් නෙමෙයි application software වල වගේම movies වලත් මේ Easter Eggs තියෙනවා. මේ link එකෙන් ගිහින් බලන්න. වැඩි විස්තර මෙතන තියෙනවා.
MS Office 2010 beta නිකුත් වෙයි.
Microsoft සමාගමේ නවතම office සංස්කරණය වන Microsoft Office Professional Plus 2010 හි beta සංස්කරණය නිකුත් කර තිබෙනවා. ඔබටත් මෙහි beta සංස්කරණය අත්හදා බැලීම සදහා ලබාගත හැකියි.
Word, OneNote, InfoPath, PowerPoint, Access, SharePoint Workspace, Outlook, Publisher,Communicator සහ Excel යන මෘදුකාංග මෙහි ඇතුලත් කර තිබෙනවා.
මේක beta සංස්කරණයක් නිසා වැඩ කරන්න නෙමෙයි. අත්හදා බලන්න තමයි හොද. මොන මොන අවුල් තියෙනවාද දන්නේ නෑනේ.
Read more…
Light weight, Portable operating system : SLAX
අපිට ඉතා අඩු performance සහිත පරිගණකයක වුවත් ධාවනය කල හැකි portable මෙහෙයුම් පද්ධතියක් ගැන තමයි අද කියන්න යන්නේ. මේක free & open source. නම තමයි slax. මේ මෙහෙයුම් පද්ධතියට 200 MB වගේ සුළු ඉඩක් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත්, මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන පහසුකම් නම් හුගාක් තියෙනවා. මූලිකව අපිට මෙහෙයුම් පද්ධතිය සමග අවශ්‍ය වෙන මෘදුකාංග ගනනාවක් මේ තුළට ඇතුලත් කර තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය CD එකක හෝ pen drive එකක සිට ධාවනය කල හැකියි. මෙම මෙහෙයුම් පද්ධතියේ පහත මෘදුකාංග සහ තවත් මෘදුකාංග ගනනාවක් ඇතුලත් කරලා තියෙනවා. Read more…
ලංකාවේ පාසල් වල තොරතුරු තාක්ෂණ භාවිතය ගැන නැවත හැරිල බලමුද ?
අද තොරතුරු තාක්ෂණ භාවිතය පාසල් සිසුන් තුළ වඩා ව්‍යාප්තව තිබීම සතුටට කරුණක්. ලංකාවේ පරිගණක සාක්ෂරතාවය යම් මට්ටමකට හෝ ඉහල යෑම යනු, රටේ සංවර්ධනයට හිනි මගක්. නමුත්, ඇත්තටම අපි මෙම කටයුත්ත සදහා අපට ඇති උපරිම සම්පත් පාවිච්චි කරනවාද යන්න විමසුමට භාජනය කල යුතු මාතෘකාවක් කියලයි මටනම් හිතෙන්නේ.
අද ලංකාවේ පරිගණක විද්‍යාගාර පහසුකම් සහිත පාසල් ඇත්තේ සීමිත සංඛ්‍යාවක්. එයින්ද, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක විද්‍යාගාර ඇත්තේ 7% වැනි ඉතාම සීමිත ප්‍රමාණයකට පමණයි. බොහෝ පාසල් වල පරිගණක විද්‍යාගාර තියෙනවා. ඒවායේ පරිගණකද තියෙනවා. එසේම පරිගණක ගුරුවරුද ඉන්නවා. කොහෙන් හෝ අතපත ගා අහුලා ගත් දැනුමක් සහිත සිසුන්ද ඉන්නවා. සමහර පාසල් වල School Net මගින් අන්තර්ජාල පහසුකම් පවා තියෙනවා.
නමුත්, මෙම භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගෙන මෙරට සිසුන්ට විධිමත් තොරතුරු තාක්ෂණ දැනුමක් ලබා දීමට හෝ පරිගණක ආශ්‍රිත ඉගෙනුම් ක්‍රියාවලියක් සදහා අවශ්‍ය විධිමත් වැඩපිළිවෙලක් හෝ මෙරට දකින්න නෑ.
Read more…
Ubuntu මතට KDE ස්ථාපනය කරමු.
අපි Ubuntu install කරද්දී ලැබෙන Desktop environment එක තමයි Gnome. ඇත්තටම අපිට පුළුවන් අවශ්‍ය නම් Ubuntu මතටම Kubuntu වලදී ලැබෙන, එනම් KDE (K Desktop Environment) එක ස්ථාපනය කර ගන්න. එතකොට ඔයාලගේ Desktop එක ලැබෙන්නේ මෙන්න මේ විදියට.
7 Zip වලින් File Compress කරමු !
අපි windows වලදී වැඩිපුරම File Compress කරන්න පාවිච්චි කරන්නේ winzip නැත්නම් winRAR. මේ මෘදුකාංග දෙකම වානිජ මෘදුකාංග. නොමිලේ දෙන ඒවා නෙමෙයි. මම අද මේ කියන්න යන්නේ නොමිලේ භාවිතා කරන්න පුළුවන් File Compress කරන මෘදුකාංගයක් ගැන. ඒ තමයි 7 Zip. මගේ අත්දැකීම නම් මේ මගින් winzip නැත්නම් winRAR වලට වඩා වැඩි Compress එකක් ලබා ගන්න පුළුවන්. අනිත් එක File වර්ග ගනනාවක් මේ තුළ විවෘත කිරීමේ පහසුකමත් තියෙනවා. අනිත් එක මේ මෘදුකාංගයේ portable version එකකුත් තියෙනවා. Read more…
Hardware Shop එකකින් තේ බීම හෙවත් විදුලි උපකරණ කඩයකින් පරිගණක මිලදී ගැනීම.
පසුගිය දවසක අපේ කාර්යාලයේ Group Sale එකක් තිබුනා. Singer ආයතනයෙන් තමයි මේ Sale එක කලේ. ඒ අය විවිධ විදුලි උපකරණ ප්‍රදර්ශනයට තබා තිබුනා. පහසු ගෙවීමේ ක්‍රමයට කාර්යාල නිලධාරීන් සදහා මේ උපකරණ ලබා දීමට කටයුතු සූදානම් කර තිබුනා. TV, ශීතකරණ, මහන යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර වගේම පරිගණකත් මේ ස්ථානයේ තිබුනා.
ඉතින් අපේ කාර්යාලයේ අයටත් පරිගණකයක් ගන්න ඕන වෙලා. කට්ටිය මට කියනවා මේවා හොදද කියලා බලන්න කියලා. පරිගණක ඉතින් හොදයි තමයි. මොන වරදක්ද?
ඉතින් එක්කෙනෙක් මගෙන් අහනවා මේක ලාබද? ගන්නද? කියලා.
Read more…
ඇඹිලිපිටියේ open source software පිළිබදව වැඩමුළුව සාර්ථකව නිමවෙයි.
අපි ඇඹිලිපිටියේදී විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිළිබදව වැඩමුළුවක් පැවැත්වූවා. 2009. 11. 07 දින තමයි මේ වැඩමුළුව පැවැත්වූවේ. මම මේ පිළිබදව කලින් වතාවකදීත් සදහන් කලා. ඉතින් කොහොම හරි හිතුවට වඩා සාර්ථකව මේ වැඩමුළුව පවත්වන්න අපිට පුළුවන් උනා. ප්‍රදේශයේ 75 කට ආසන්න පිරිසක් මේ සදහා සහභාගී උනා. පරිගණක ක්ෂේත්‍රය හා සම්බන්ධ පාසල් ගුරැවරැ, IT Technicians, පාසල් ළමුන්, පරිගණක පුහුණු ආයතන වල උපදේශකවරැ, රජයේ හා පෞද්ගලික ආයතන වල පරිගණක හා සම්බන්ධ නිලධාරීන් ආදී පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මේ සදහා සහභාගී උනා. Read more…
ඔබගේ බ්ලොක් අඩවිය සදහා නොමිලේ ඩොමේන් එකක් !
ඔබගේ ඕනෑම බ්ලොග් අඩවියක් සදහා (wordpress / blogger / …any other…) නොමිලේ ඩොමේන් එකක් ගන්න හැටි තමයි අද කියන්න හදන්නේ. මම මගේ බ්ලොග් එක හදලා තියෙන්නේ wordpress මත. ඉතින් මම ගත්තා .CO.CC ඩොමේන් එකක්. http://www.rajeen.co.cc/ මෙහෙමයි ගන්නේ…
ඔබගේ පරිගණකය කොතරම් දුරට ආරක්ෂාකාරීද ? (Hacking Windows System)
අද මම කතාකරන්න හදන්නේ ඔබගේ පරිගණකය කෙනෙකුට Hack කල (නොහැකි) අපහසු තත්වයකට පත් කරගන්නේ කොහොමද කියන එක ගැන. මම දැකල, පාවිච්චි කරල තියෙන MS Windows තියෙන පරිගණක වලින් 98% ක්ම මේ මම කියන්න යන එකක් හෝ සිදුරක් සහිතව තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ පද්ධතියක ඔයාගේ දත්ත කොතරම් දුරට ආරක්ෂාකාරීද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. Read more…





