ඇඹිලිපිටියේ open source software පිළිබදව වැඩමුළුව සාර්ථකව නිමවෙයි.
අපි ඇඹිලිපිටියේදී විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිළිබදව වැඩමුළුවක් පැවැත්වූවා. 2009. 11. 07 දින තමයි මේ වැඩමුළුව පැවැත්වූවේ. මම මේ පිළිබදව කලින් වතාවකදීත් සදහන් කලා. ඉතින් කොහොම හරි හිතුවට වඩා සාර්ථකව මේ වැඩමුළුව පවත්වන්න අපිට පුළුවන් උනා. ප්‍රදේශයේ 75 කට ආසන්න පිරිසක් මේ සදහා සහභාගී උනා. පරිගණක ක්ෂේත්‍රය හා සම්බන්ධ පාසල් ගුරැවරැ, IT Technicians, පාසල් ළමුන්, පරිගණක පුහුණු ආයතන වල උපදේශකවරැ, රජයේ හා පෞද්ගලික ආයතන වල පරිගණක හා සම්බන්ධ නිලධාරීන් ආදී පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මේ සදහා සහභාගී උනා.
ඇඹිලිපිටියේ විතරක් නෙමෙයි රත්නපුර, අයගම, සූරියවැව, කටුවන, කොලොන්න, සූරියකන්ද, මිද්දෙනිය වගේ දුර පළාත් වලිනුත් මේ සදහා කට්ටිය සහභාගී උනා.
ලංකානෙට් ආයතනය තමයි මේ සදහා සම්පත් දායකත්වය ලබා දුන්නේ. ඒ අය පැමිණි පුද්ගලයන්ට අවශ්‍ය මුද්‍රිත සටහන්, Ubuntu customized DVD එකකුත් නොමිලේ ලබා දුන්නා. සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මේ වැඩසටහන පැවැත්වූවේ.
අතිනුත් වියදම් කරගෙන මාර කට්ටක් කාලා මට තියෙන ඇගේ අමාරැවට තමයි මේක සංවිධානය කලේ. ඉතින් පැමිණි පිරිස අනුව සාර්ථකත්වය දැක්කමනම් ඒ කාපු කට්ටට කමක් නෑ කියලා හිතුනා. අපි එතනදී Embilipitiya IT Community කියලා පොඩි Community එකකුත් පිහිටුවා ගත්තා.
පොඩි ඡායාරෑප ටිකක් මෙතන තියෙනවා. බලලා කමන්ට් එකක් දාන්න.












අපරාදෙ.. හරියට දැනුවත්වීමක් උනා නම් අපිත් එනව.. මොනව උනත් මගේ සුබ පැතුම්..
සුභ පැතුම්. මේ වගේ දේවල් වලින් FOSS සංකල්පය මිනිස්සුන්ව යොමු කර ගැනීම කෙසේ වෙතති, ඒ පිළිබඳව අවධානය (awareness) යොමු කරගන්න ගොඩක් වැදගත්.
සුභ පතනවා, විවෘත මෘදුකාංග ලෝකේ ප්‍රචලිත වෙන්න අතින්-කයිට්-වීගෙන වැඩකරන අයගේ මහන්සිය තමයි දායක වෙන්නේ.
නියමයි.
ඔබගේ උත්සාහය ඉතා අගය කොට සලකමු. ඉදිරියටත් දිරියෙන් කටයුතු කරන්න.
ගොඩක් හොද වැඩක්. අපේ පැත්තේත් මේ වාගේ එකක් කරන්න බැරිද? කතා වෙලා සෙට් වෙලා කරමුද?
හොද අදහසක් ! මමත් උපරිම සහයෝගය දෙන්නම්. අපිට ලංකානෙට් එකෙනුත් උදව් ගන්න පුළුවන්.
හොඳ වැඩක්,
නියමයි….දිගටමයම්….
සුභ පැතුම්,ඉදිරියටත් මෙවැනි වැඩමුළු පැවැත්වීමට අවශ්‍ය හැකියාව ශක්තිය ලැබේවා…
වැඩේ හොඳයි. ඔහොම යං
මගෙන් සුභ පැතුම් !! නියම වැඩක් !!!
මටත් මේ වගෙ වැඩසටහනක් සංවිධාණය කරන්න ඕනෙ අපේ දහම්පාසල ඇතුලු මුලු ගමම ආවරනය පරිදි. ඔයාගෙන් උදවුවක් එහෙම ගන්න පුලුවන් නේද වැඩේට
වැඩේ නම් පට්ට , මමත් රත්නපුර කෙනෙක්. විවෘතයේ තමා දැන් ඉගෙන ගන්නේ. මමත් ඔය පැත්තට බරයි. ඔහොම යං!
කාලෝචිත වැඩක්, අපේ උපරිම සහයෝගය ජය වේවා
හොද වැඩක්. මගේ සුභ පැතුම්. දෙනන් දැනගන්න හැම දේගැනම අපිටත් සහයෝගයක්. දැනගත්තේ පහුවෙලාග ඒත් කමක් නැ ඉදිරියට අපිත් ඉනන්වා ඔයත් එකක්.අපේ උපරිම සහයෝගය ඔබටග ජය වේවා !