බ්ලොග් අඩවි සහ බ්ලොග් කියවනයන් (සින්ඩිකේටර්ස්)
බ්ලොග් ලිවීම දැන් ලංකාවේ ඉතා ජනප්‍රිය ක්‍රියාවක් වෙලා. හුගාක් දෙනෙක් බ්ලොග් ලිවීමට නැඹුරුවෙලා තියෙනවා. ඒක හොද ප්‍රවණතාවයක්. ඒ වගේම මේ බ්ලොග් සින්ඩිකේට් කරන සින්ඩිකේටර් වල ක්‍රියාකාරීත්වයත් ඉහල ගිහින්.
අපි බ්ලොග් එකක් ආරම්භ කල පසු එන ලොකුම ගැටළුව තමයි ඒ වටා බ්ලොග් කියවන්නන් පිරිසක් රැස් කර ගැනීම. ඒ සදහා මේ බ්ලොග් කියවනයන් (සින්ඩිකේටර්ස්) ලොකු දායකත්වයක් දෙනවා. මුලදී නම් මමත් දැනගෙන හිටියේ සිංහල බ්ලොග් කියවනය ගැන විතරයි. නමුත්, දැන් මම දන්නා බ්ලොග් කියවනයන් 04 ක් තියෙනවා. මේ අය මෙම සේවාව සිදු කරන්නේ නොමිලේ. බ්ලොග් ලියන අය විදියට අපි මේ සේවාවන් පවත්වාගෙන යන අයට ස්තුතිවන්ත වෙන්න ඕන තම කාලය, මුදල් හා ශ්‍රමය කැප කරමින් මේ කරන සේවයට.
සිංහල බ්ලොග් කියවනය.
මෙය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් පවත්වාගෙන යන එකක්.
http://blogs.sinhalabloggers.com/
මෙහි වෙබ් අඩවිය වන්නේ http://www.sinhalabloggers.com/
මෙහි ගූගල් සමූහය වන්නේ http://groups.google.com/group/sinhala-bloggers?pli=1
මේ බ්ලොග් කියවනයට ඇතුලත් කල හැක්කේ සිංහල යුනිකේත භාවිතා කර සකස් කල බ්ලොග් අඩවි පමණි.
kottu.org
මෙහි සිංහල හා ඉංග්‍රිසි වැනි භාෂාවන්ගෙන් සකස් කල බ්ලොග් අඩවි ඇතුලත් කල හැකිය. ශ්‍රී ලාංකීය බ්ලොග් පමණක් ඇතුලත් කර ගනී. ඉංදි සමරජීව මහතා විසින් පවත්වාගෙන යනු ලබයි.
ලාංකීය සිතුවිලි
මෙයද අළුතින් ආරම්භ කල බ්ලොග් කියවනයකි. නව තාක්ෂණික අංග කිහිපයකින්ද සමන්විත කර ඇති අතර, ඒ නිසාම මෙය වඩාත් වේගවත් බ්ලොග් කියවනයක් ලෙස හැදින්විය හැකිය.
නිදහස් සිංහල බ්ලොග් කියවනය
http://syndi.sinhalablogs.org/
මෙහි ගූගල් සමූහය වන්නේ http://groups.google.com/group/sinhala-open-bloggers
මෙයද නව බ්ලොග් කියවනයකි. නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත සිංහල බ්ලොග් මෙයට ඇතුලත් කල හැකිය.
මේ මම දන්නා කියන සින්ඩිකේටර්ස්. මේ ගැන ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා.




ෂා…. නියමයිනෙ.. ඔය තියෙන්නේ…
නියමයි නේ නිදහස් සිංහල බ්ලොග් කියවනය ගැන මම දැනන් හිටියේ නැ ස්තුති ඔබට මෙය පල කරාට මම නදුන් මගේ බ්ලොග් බලන්න එන ලෙස අරධනා කරනවා ඔබට
නදුන්,
ස්තුතියි. ඔයාත් හොද ලිපි ටිකක් පලකරලා තිබුනා මම දැක්කා. මම සින්ඩියේ යන හොද ලිපි කියවනවා. ඔයාගෙත් ලිපි කීපයක්ම කියෙව්වා. දිගටම ලියන්න.
මම වැඩි විස්තර බලද්දී තවත් සින්ඩියක් දැක්කා. ඔයාල මේ ගැනත් දන්නවද බලන්න.
http://achcharu.org
http://kottu.org වල දෙමළ බ්ලොග් අඩවිත් ඇතුලත් කරගන්නවා. සරලව කීවොත් ඕනෑම ශ්‍රී ලාංකික බ්ලොග් අඩවියක්.
ඔබගේ අඩවියට සබ්ස්ක්‍රයිබ් කරන්නේ කෙසේද?
මගේ අඩවියේ දකුණු පැත්තේ තියෙන subcribe to post by e-mail වලින් ගිහින් ඔයාගේ මේල් ඇඩ්රස් එක දෙන්න
ස්තූතියි දැනුවත් කිරීමට!
නියමයිනෙ.. ඔය තියෙන්නේ තව සින්ඩිකේටර්ස්.. දැනුවත් කිරීමට ස්තුතියි..
Syndicaters නම් දැං හෙන ගොඩක් තියෙනවා.
මෙතන කියවෙලා නැති තවත් සිංඩියක් තියෙනවා – http://sindiya.com
මගෙ බ්ලොග් එක නම් Syndicate වෙන්නෙ SBU එකේ විතරයි..