මෘදුකාංග දේශීයකරණය වීම …
රටක තොරතුරු තාක්ෂණ භාවිතය සංවර්ධනය කෙරෙහි මෘදුකාංග දේශීයකරණයද ඉතා වැදගත් කර්තව්‍යක් ඉටු කරනු ලබයි. තොරතුරු තාක්ෂණය ඉතා ඉහල තලයකින් භාවිතා කරන ජපානය, චීනය ආදී බොහෝ රටවල්ද තම මව් භාෂාවෙන් මෘදුකාංග භාවිතා කරනු ලබනවා. ශ්‍රී ලංකාවේද දැන් මෙම මෘදුකාංග දේශීයකරණය ප්‍රවණතාවයක් ලෙස ඉදිරියට පැමිණ තිබීම දක්නට ලැබෙන දෙයක්. ඇත්තටම මෙය ඉතාම හොද ප්‍රවණතාවයක්.
1985 වසරේදී පරිගණකය සමග සිංහල / දෙමළ භාවිතය පිළිබදව සොයාබැලීම සදහා කමිටුවක් පිහිටුවීම මේ පිළිබදව ඉතිහාසයෙන් ලැබෙන පළමු සාධකයයි. 1987 දී පළමු සිංහල අකුරු වර්ගය නිර්මාණය කිරීම සහ 1988 දී ප්‍රථම ත්‍රිභාෂාවෙන්ම වැඩ කරන වදන් සැකසුම් මෘදුකාංගය නිර්මාණය මෙහි මුල් පදනම සැකසීය. 2004 වසරේදී සිංහල යුනිකේත සම්මතය හදුන්වාදීම සමග මෙම ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කිරීමට එය සමත් විය. එදා මෙදා තුර පැමිණි ගමන් මගේ සංධිස්ථාන ගනනාවක් පසු වී ඇති අතර, ඒ සමග සැලකියයුතු දේශීය අතුරුමුහුණත් සහිත මෘදුකාංග ප්‍රමාණයක් භාවිතයට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. මේ පිළිබදව වැඩි විස්තර http://en.wikipedia.org/wiki/History_of_Sinhala_software මගින් ලබාගත හැකිය. එසේම සිංහල යුනිකේත ගමන් මග පිළිබදව වැඩිදුර විස්තර http://www.locallanguages.lk/history මගින් ලබාගන්න පුළුවන්.
දැන් Microsoft සමාගම විසින් windows vista මෙහෙයුම් පද්ධතියට මෙන්ම MS office 2007 කාර්යාලීය යෙදවුම් මෘදුකාංග පද්ධතිය සදහාද සිංහල අතුරු මුහුණත් සකස් කර තිබෙනවා. මෙම අතුරු මුහුණත් Microsoft වෙබ් අඩවිය හරහා නොමිලේ ලබා ගන්න පුළුවන්. (අතුරු මුහුණත් පමණයි. මෘදුකාංග නොවේ
) http://www.microsoft.com/srilanka/WindowsVistaOffice2007InterfacesSinhalaDownload.aspx
ඒ වගේම Firefox web browser සිංහල අතුරු මුහුණතක් සහිතයි.
Ubuntu මෙහෙයුම් පද්ධතියත් සිංහල අතුරු මුහුණතක් සහිතව භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේම අළුත්ම ව්‍යාපෘතිය තමයි නොමිලේ ලබා දෙන කාර්යාලීය මෘදුකාංග කට්ටලය වන Open Office සිංහල අතුරු මුහුනත පරිවර්ථනය කිරීම. ඇත්තටම මෙම පරිවර්ථනය මේ වන විට 98 % සම්පූර්ණ කර තත්ත්ව පරීක්ෂාව සිදු කර ඇති අතර, නුදුරු දිනකදීම මහජනයා වෙත නිකුත් කිරීමට නියමිතයි. මේ දිනවල මෙහි උදව් පිටු (Help) සිංහලට පරිවර්ථනය ආරම්භ කර ඇති අතර, උනන්දුවක් ඇත්නම් ඔබටද මෙම ජාතික කර්තව්‍ය සදහා දායක විය හැකියි. ඒ පිළිබදව වැඩිදුර විස්තර පහත සබැදියෙන් ලබා ගන්න පුළුවන්.
http://si.openoffice.org/marathon10apr.html
ඉතින් කොහොම හරි මේ මෘදුකාංග දේශීයකරණය ලංකාවේ අපිට ලොකු සම්පතක්. ඒ වගේම http://www.sinhalasoftware.com/ අඩවියද මෙම ක්ෂේත්‍රයට විශාල සම්පතක්. මේ මගින් දේශීය සිංහල මෘදුකාංග එකම ස්ථානයකින් භාගත කර ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා. දේශීයව සකස් කර ඇති සිංහල මෘදුකාංග ගනනාවක් මේ තුළ දක්නට ලැබෙනවා. මෙසේ ලංකාවේ තරුණ පරපුර විසින් තම අවශ්‍යතා සදහා මෘදුකාංග දේශීය බසින් සකස් කිරීම ඉතාම අගය කල යුතු දෙයක්. ඔවුන් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කරන්නේ මහගු සේවයක්.







ඔබගේ මෘදුකාංග දේශියකරණය වීම ලිපියේ තොරතුරු ලබාගෙන මමත් විස්ටා වලට සහ MS office වලට සිංහල අතුරු මුහුණත් ඇතුළු කරගත්ත. මෘදුකාංග දේශියකරණය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කලාට ඔබට පින්.