තොරතුරු තාක්ෂණ ගුරුවරු සදහා වූ විවෘත කේතක වැඩමුළුව සාර්ථකව නිමවෙයි.
ඇඹිලිපිටිය කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා පවත්වනු ලැබූ දින 03 ක විවෘත කේතක මෘදුකාංග පිළිබදව වැඩමුළුව සාර්ථක ලෙස අවසන් වූවා. 2010 ජූනි මස 04, 05, 06 යන දින වල ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පරිගණක අංශයේදී පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සදහා ගුරුවරුන් 40 කට අධික පිරිසක් සහභාගී වූවා. ඇඹිලිපිටිය කලාප අධයාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක තුෂාර මහතාගේ සංවිධානයෙන් පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සදහා සම්පත් දායතක්වය මම සමග රේඛ සදරුවන් විසින් නොමිලේ ලබා දෙනු ලැබුවා. මෙම වැඩමුළුවේදී පහත කරුණු පිළිබදව ගුරුවරුන් වෙත පුහුණුව ලබා දෙනු ලැබුවා.
- Introduction to FOSS
- Open source Operating systems & Softwares.
- Ubuntu, OOo and other FOSS softwares.
- Linux file system & file permitions.
- Working in Linux environment.
- Foss communities in Sri Lanka.
- Linux Terminal Server Project (K12LTSP)
- Apache, PHP, MySQL in linux.
- Introduction to Open source CMS (WordPress, Joomla)
- Introduction to programming in Linux (C & Java)
- Use FOSS in school computer lab.
මෙම වැඩමුළුවේදී Lankanet.org ආයතනය විසින් නැවත සකස් කරන ලද Ubuntu මෙහෙයුම් පද්ධතිය සහ තවත් FOSS මෘදුකාංග ගනනාවක් අඩංගු DVD 02ක් සහභාගී වූ ගුරුවරුන්ට බෙදා දෙනු ලැබුවා.
Advertisement









වටිනා කියන වැඩක්
ඔහොම යං අයියා
ලංකාවට ගැලපෙන්නෙ ඉතිං FOSS තමයි
හොද තොරාගැනිමක්,මේ වැඩේ ගැන පොඩි පසු විපරමකුත් තිබුනොත් තමයි හොද…ජයවේවා.
Rajeen
As a participator I must thank you for the effort you took to do the the training.It is nice to meet you as a person who realy want to uplift the knowledge of IT in Embilipitiya.
මයාලට ගොඩක් පිං කරපු උදවුවට
විපුල්
අති විශිෂ්ඨයි …
කාලෙකට පස්සෙ වැඩක් ඇති වැඩක් කෙරුනා. මෙහි ප්‍රතිඵල කලාපයේ ගුරුභවතුන් හරි හැටි ලබාගත්තොත්, ලොකු පෙරලියක් කරන්න පුළුවන් එක තැන පල්වෙන තාක්ෂණ අධ්‍යාපනයට. මට නම් සෑහෙන දේවල් ටිකක් ලැබුණා. ඒ වගේම දැනටත් මම එහි ප්‍රතිලාභ ලබනවා.
එදා ගියපු හැමෝම දැනගත්ත මං පෙත් සැබවින්ම හෙලිපෙහෙලි කරගත්තොත්, විශේෂයෙන් පෞද්ගලිකව තමන්ටත්, තමාගේ මග පෙන්වීම ලබන ජාතියේ අනාගත පුරපුරත් ලොකු මෙහෙයක් තර දෙන්න පුළුවන් වෙයි.
දිගු ගමනකට සැමට ආසිරි
වෙහෙසුනු සැමටම පදිවතින්ම පි අනුමෝදන් කරනවා. ජාතියේ දරුවන් වෙනුවෙන්.