පරණ පරිගණක වලට නැවත පණ දෙන්න LTSP (Linux Terminal Server Project)
Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.
මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය තුළ ප්‍රධාන පරිගණක වර්ග 02 ක් තියෙනවා.
- Server PC එකක් ( P4 එකක්
) - Terminal Pc’s (P1 හෝ P2 වගේ ඒවා)
මේ server පරිගණකයක සදහා අපි යොදාගන්නේ සාමාන්‍ය Pentium 4 හෝ ඒ හා සමාන හෝ ඉහල පරිගණකයක්. මම යොදාගත්තේ Pentium 4 සහ 1 GB Ram තියෙන පරිගණකයක්. මේ පරිගණකයකට අපි Network Card (NIC) 02 ක් යොදාගන්න ඕන. එකක් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අනික Terminal සදහා සේවය ලබා දෙන්න. මම මේ Pentium 4 පරිගණකයෙන් Terminal 16 ක් කිසිම ගැටළුවක් නැතිව හොද වේගයකින් භාවිතා කරලා තියෙනවා.
Terminal පරිගණක සදහා අපිට පැරණි Pentium 1 හෝ 2 වැනි කුඩා පරිගණක යොදාගන්න පුළුවන්. මේ පරිගණක වලට Hard Disk, CD Drive ආදිය කිසිවක් අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ Onboard Network card එකක් පමණයි. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මේ පරිගණක network එකෙන් boot කරන්න.
මේ පරිගණක ජාලගත කරන්න switch එකක් අවශ්‍යයි කියන එක ඉතින් අළුතෙන් කියන්න ඕන නෑනේ.
අපි මේ සදහා සුවිශේෂයෙන් සකස් කල Operating System එකක් භාවිතා කරනවා. මේ සදහා Fedora LTSP, Cent OS LTSP, Ubuntu LTSP ආදී ඕනම OS එකක් භාවිතා කරන්න පුළුවන්. මම භාවිතා කලේ Cent OS LTSP එක. මේ OS එක මෙතනින් (http://www.k12ltsp.org/mediawiki/index.php/DownLoad) ගන්න පුළුවන්. DVD එක ගත්තොත් සාමාන්‍යයෙන් පාසලකට අවශ්‍ය වන මෘදුකාංග ගනනායක් සමග තමයි එන්නේ. මේ සමග Open Office සමග තවත් මෘදුකාංග ගනනාවක් ලැබෙනවා. ඇත්තටම කෙනෙකුට තම පරිගණක විද්‍යාගාරයක් තුළ භාවිතයට අවශ්‍ය මෘදුකාංග සියල්ලම වගේ මේ සමග එනවා කිව්වොත් නිවැරදියි.
ඔයාලා සාමාන්‍යයෙන් Linux, Ubuntu install කරනවා වගේ server පරිගණකයට මේ OS එක install කරන්න. ඊට පස්සේ eth0 වල settings මුකුත් වෙනස් කරන්නේ නැතිව eth1 වල settings internet යන්න අවශ්‍ය විදියට සකස් කරගන්න. දැන් දෙවන network card එකට (eth0) internet connection එක plug කරන්න. Eth0 එක network switch එකට plug කරන්න.
ඊලගට ඔබ මෙහිදී භාවිතා කිරීමට අදහස් කරන terminal ප්‍රමාණයට මෙම server තුළ user account සකස් කර ගන්න ඕන. මොකද මේ terminal පරිගණක සියල්ලම මෙම server පරිගණකයෙන් තමයි boot වෙන්නේ.
Terminal පරිගණක සියල්ලත් network switch එකට සම්බන්ධ කරන්න. එම පරිගණක network එකෙන් boot වෙන ආකාරයට සකස් කරන්න. මෙම පරිගණක boot කල පසු සියල්ලම server පරිගණකයෙන් boot වෙනවා. ඉන්පසු ඔබ server පරිගණකයේ සකස් කල එක් එක් user account මගින් මෙම එක් එක් terminal තුළින් login විය හැකියි.
මම පරිගණක 16 ක් server පරිගණකය සදහා P4 3.0, 1 GB Ram පරිගණකයක් භාවිතා කර ඉතාමත් සාර්ථකව හොද වේගයකින් යුතුව වැඩ කරලා තියෙනවා. මේ terminal පරිගණක 16 ම Open Office 3.0 වල ඇති packages එකවර භාවිතා කලත් වේගයේ අඩුවක් දැනෙන්න තිබුනේ නෑ. හොදට වැඩ කලා.
මෙහිදී ඔබ software maintain කල යුත්තේ එක් පරිගණකයක පමණයි. අනිත් පරිගණක එකකවත් software තබා Hard Disk එකක්වත් නැහැ. එම පරිගණක සදහා Pentium 1 පරිගණකයක් භාවිතා කලත් Dual Core පරිගණකයක් භාවිතා කලත් එකම දේ තමයි වෙන්නේ. වේගයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා මෙම terminal පරිගණක සදහා Pentium 1, 120 Mhz, 16 MB Ram පරිගණක තිබුනාම හොදටම ඇති. Hard Disk, CD Rom ආදිය මුකුත්ම ඕන නෑ. මේ පරිගණක වලින් server පරිගණකයේ ඇති අළුත්ම මෘදුකාංග ඒ වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.
මේ ක්‍රමය පරණ කුණු ගොඩවල් වල තියෙන පරිගණක ගොඩ ගන්න නියමයි නේද? මේ terminal සදහා නම් පරිගණක සල්ලි දීලා ගන්න ඕන වෙන්නෙත් නෑ. නිකම්ම ඉල්ල ගන්න පුළුවන් වෙයි. මොකද P1 වගේ පරිගණක වලින් කාටවත් වැඩක් නෑනේ. පාසල් වල ඉවත් කර ඇති පරණ පරිගණක වලින් හොද Linux Lab එකක් හදලා ළමයිට Linux උගන්වන්න නම් නියමයි නේද? මේ ක්‍රමයෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි වැඩක් ගන්න බලන්න. Cyber café වලට එමත් හොද ක්‍රමයක්. Virus ප්‍රශ්න මතු වෙන්නෙත් නෑ. ට්‍රයි කරලා බලලා comment එකක් දාන්න.


[sinhala akuru nae sorry wenna oona]
bohoma sthuuthiy mee article ekata.. mama hithuwe mee wage wada leesiyen karanna puluwan eewa nemei kiyala.. matath ubuntu ekka podi experience ekak thiyanawa.. mee wage wadak karala balanna aasai.. mee kramaya godak leesiy wage.. balamukooo..
thnx!
කොහොමද ටර්මිනල් නෙට්‍වර්ක් බූට් කරන්න හදන්නේ හාඩ් ඩිස්ක් නැතිව
මේ ටර්මිනල් සදහා හාඩ් ඩිස්ක් අවශ්‍ය නෑ. Bios Boot sequence වලින් පළමුවෙන් නෙට්වර්ක් එකෙන් Boot වෙන්න හදන්න.
Ela ela
ඉතාම වටින ලිපියක්.ටිකක් වෙලා යන වැඩක් උනත් මේක කරලා බලන්න වටිනවා. මේ ලිපිය කියෙව්වාම ආස හිතුනා වැඩේට
ඇත්තටම උත්සාහ කරලා බලන්න. Server එක හදාගන්න විතරයි වෙලාව යන්නේ. අනිත් ටර්මිනල් ඉතින් Bios Boot sequence හදන්න යන වෙලාව විතරයි නේ. පරිගණක 20 කට විතර OS දානවට වඩා කොච්චර ලේසිද? ඒ වගේම කොච්චර ලාභද මේ වැඩේ.
මෙන්න ඔය වගේ ලංකාවෙ සෙට් එකක් කරපු වැඩක්.
https://www.isoc.org/isoc/chapters/projects/reports/srilanka_20090219.pdf
ලංකාවෙත් මාර වැඩ්ඩො ඉන්නවනේ කොහොමද මේ ගැන වැඩි විස්තර දැනගන්නේ අපේ පාසලක LAB එකකට දාගන්න ඔනනම්
පාසලකට නම් හරියන්නේ මම කියපු ක්‍රමය. එක පරිගණකයක් විතරයි හදාගන්න ඕන. අනිත් ඒවා network එකෙන් boot වෙන්න හදන්න විතරයි ඕන. අළුතෙන් කිසිම දෙයක් මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. තියන සම්පත් වලින්ම කරන්න පුළුවන්. ළමයිට linux උගන්වන්න නම් මේක තමයි පහසුම ක්‍රමය. උදව්වක් ඕන නම් කියන්න. පුළුවන් විදියට උදව් කරන්නම්.
ඔය උඩින් දාල තියන ලංකාවෙ එකටනම් ඒකෙ තිබ්බ විදිහට Monitir,keyboard,mouse තිබ්බාම ඇති වගේ.ඒ වැඩේ ලිපියේ තියන එකටත්වඩා මරු වගේ.මේක ගැනත් පුලුවන්නම් විස්තරයක් දාන්න.
ම්ම හිතන්නේ මේක කරල තියෙන්නේ කොලබ Campus එකේ පරිගනක අංශයෙන්(ucsc)..එයාලව contact කලොත් මේ ගැන වැඩි විස්තර හොයගන්න පුලුවන් වේවි.
මේ පොකුරු PC කියලා ලංකාවේදී නම දැම්මට මේක බොහොම සරල වැඩක්. මේ ක්‍රමයට කියන්නේ Multiseat Computing කියලා. මේක ලෝකයේ තවත් ජනප්‍රිය ක්‍රමයක්. මෙතනදී අපි එක පරිගණකයකින් 4 දෙනෙකුට වැඩ කරන්න හදනවා නම් ඒ සදහා Vga Card 4, Key board 4, Mouse 4, Monitor 4 අවශ්‍ය වෙනවා. මේ විදියට අපිට එක් පරිගණකයක් භාවිතා කරන්න පුළුවන් සීමිත දෙනෙකු අතර පමණයි. අනිත් එක මේ Multiseat Computing ක්‍රමයේදී එම මොනිටර් ආදිය එක ලගින්ම තියන්න ඕන. හොද Vga Card එකක් රු. 2000.00 විතර වෙනවානේ. ඒ ගානෙන් පරණ P1 එකක් Hard disk, CD rom නැතිව ගන්නත් පුළුවන්. මම කලින් කිව්ව ක්‍රමයේදී එක් පරිගණකයක් 25 කට වඩා වැඩි ප්‍රමාණයකට වුවත් වැඩ කරන්න පුළුවන්.
මේ ගැන විස්තර බලන්න අවශ්‍ය නම් Multiseat Computing කියලා ගූගල් එකේ සොයන්න. ඕන තරම් විස්තර ලබාගන්න පුළුවන්. නැත්නම් මෙතන බලන්න. http://en.wikipedia.org/wiki/Multiseat_configuration අවශ්‍ය විස්තර සියල්ලම මෙතන තියෙනවා.
මම හිතන්නේ මෙතන සරල කමටත් වඩා තියෙන්නේ යොදාගන්නා තාක්ෂණයේ වෙනස Wiki ඒකේ තියන Link එක බලපුහාම මට තෙරුන දෙයක් තමයි එතනදි කරන්නේ Linux X server එක Sessions කීපයකට බෙදල පාවිචි කරන එක.හැබැයි ලිපියෙහි තියෙන්නේ වෙන විදිහක් ගැන.පුලුවන්නම් මේ X Server එකෙහි Session බෙදන ක්‍රමය ගැන ඔබ කිවු ආකාරයට සරලව පැහැදිලි කරල දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
මේක හැම Linux එකකම එන එකක් නේද මේ Network Boot කියන එක.
https://help.ubuntu.com/community/Installation/Netboot
මේ දෙකේ තියෙන්නේ කතන්දර දෙකක්. ඔයා දීපු ලින්ක් එකේ විස්තර කරලා තියෙන්නේ අපි පරිගණකයකට Ubuntu install කරද්දී අපේ පරිගණකයේ CD Rom එකක් නැත්නම් / CD එකකින් Boot කරන්න බැරිනම්, ඒ සදහා Netwotk එක උපයෝගී කරගෙන Ubuntu install කරන ක්‍රමයක්.
මේ LTSP එකේදී වෙන්නේ network එකේ තියෙන අනිත් පරිගණක එක් server පරිගණකයක් මගින් boot වෙලා වැඩ කරන එක. මේ දෙක සම්පූර්ණයෙන් වෙනස් කතාන්දර දෙකක්.
මම මේ Multiseat Computing ගැන ලිපියක් ලගදීම දාන්න බලන්නම්. LTSP (Linux Terminal Server Project) ගැන වැඩි විස්තර මෙතන තියෙනවා. http://www.k12ltsp.org/mediawiki/index.php/Main_Page තාක්ෂණික පැත්ත ගැන වගේම වැඩිදුර භාවිතය ගැන හුගාක් විස්තර මෙතන තියෙනවා. මේ ක්‍රමය දිගටම භාවිතා කරනවා නම් මෙතනින් හුගාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
onboard network port එකක් නැතිව නෙට්වර්ක් කාඩ් එකක් මගින් මේ වැඩේ කරගන්න විදිහක් නැද්ද ? මොකද මං ලඟතියෙන P1 එකේ onboard නෙට්වර්ක් පෝට් නෑ.
http://www.rom-o-matic.net/
මෙතන බලන්න. ඔයාට අවශ්‍ය විදියට boot media එකක් හදාගන්න මේ site එකෙන් පුළුවන්. ඒකෙන් floppy එකක් හරි CD එකක් හරි හදලා network card එක හරහා boot වෙන්න හදන්න පුළුවන් කියලා තියෙන්නේ. හැබැයි මම මේක Test කරලා නම් නෑ. කරලා බලලා මටත් කියන්න.
සිංහලෙන් වැඩිදුර තොරතුරු බැලීමට
http://si.wikipedia.org/wiki/Ltsp
Sha.. elakiri wadak.. EMB walin.. digatama karagana yanna suba pathanawa..
නියමයි-ඇත්තටම අලුත් දැනුම ගන්න ආසාවෙන් ඉන්න අපිට මේ වගේ ලිපි ගොඩාක් වටිනවාග ගොඩාක් තෑන්කස්
නියමයි-ඇත්තටම අලුත් දැනුම ගන්න ආසාවෙන් ඉන්න අපිට මේ වගේ ලිපි ගොඩාක් වටිනවා ගොඩාක් තෑන්කස්
මේකෙදි අපිට වින්ඩෝස් වැඩසටහන් වල වැඩ කරන්න බැරිද
මට දැනගන්න ඔනෙ LTSP, ubuntu 10.04 වලට Install කරන්නෙ කොහොමද???
තව Server computer එකට 3G Modem එකකින් Internet connect වෙන්න පුලුවන්ද????