Software Freedom Day 2010 මෘදුකාංග නිදහස් දිනය 2010
ජගත් විවෘත හා නිදහස් මෘදුකාංග සැමරීමේ දිනය වන මෘදුකාංග නිදහස් දිනය 2010 වසරේ සැප්තැම්බර් 18 දිනට යෙදී ඇත. http://softwarefreedomday.org/ මේ සදහා ලෝකයේ රටවල් 100 ක කණ්ඩායම් 800 කට අධික පිරිසක් විවිධ වැඩසටහන් පවත්වති. ඒ අනුව එක් වැඩසටහනක් ඇඹිලිපිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලංකාව නිත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතා කරන ලෝකයේ රටවල් අතුරින් ඉතා ඉහල ස්ථානයක සිටින අතර, මෑත කාලයක සිට මෙම නිත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට රජය ආරම්භ කර ඇත. ඒ අනුව නව නීති කෙටුම්පත් කර, නව පනත් කීපයක් සම්මත කර ඇති අතර, ඒ අනුව මෙසේ මෘදුකාංග අලෙවි කරන්නන් හා භාවිතා කරන්නන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරගෙන යනු ලබයි.
මෙම නීත්‍යානුකූල නොවන මෘදුකාංග වෙනුවට, නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතා කිරීමේ පහසුකම් ඇති අතර, ඒ සදහා කිසිදු මුදලක් වැය කල යුතු නොවේ. මේ පිළිබදව අදාල මගපෙන්වීම් හා දැනුවත් කිරීම් සිදු කිරීම තුළින් ප්‍රජාව මේ සදහා යොමු කිරීම මෙම වැඩසටහන් මගින් අපේක්ෂා කෙරේ.
පරිගණක මෘදුකාංග භාවිතය හා සම්බන්ධ නීතිමය තත්වය, තාක්ෂණික පසුබිම, ඒ හා සම්බන්ධ ගැටළු හා ප්‍රවණතා පිළිබදව ප්‍රජාව දැනුවත් කර, ඔවුන් නිදහස් හා විවෘත මෘදුකාංග වෙත නැඹුරු කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණයි.
දිනය – 2010 සැප්තැම්බර් 18 සෙනසුරාදා
වේලාව – පෙ.ව. 09.00 සිට 12.00 දක්වා
ස්ථානය – ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරය
මෙහිදී
- පරිගණක මෘදුකාංග පිළිබදව ඇති නීතිමය තත්වය හා පරිගණක අපරාධ
- මෘදුකාංග බලපත්‍ර වර්ග පිළිබදව හැදින්වීම
- නීත්‍යානුකූල නොවන මෘදුකාංග හා නිදහස් මෘදුකාංග අතර වෙනස හා අපගේ කාර්ය භාරය
පිළිබදව සාකච්ඡා කෙරේ.

මෙම සම්මන්ත්‍රණය විවෘත සම්මන්ත්‍රණයක් වන අතර, අපේක්ෂිත සහභාගී වන්නන් වන්නේ,
-
ප්‍රදේශයේ රාජ්‍ය / පෞද්ගලික ආයතන ප්‍රධානීන් සමග තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ නිලධාරීන්,
-
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තියේ නියැලෙන්නන්,
-
තොරතුරු තාක්ෂණ ගුරුවරුන් හා පාසල් සිසුන්,
-
මේ පිළිබදව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට
මේ සදහා සහභාගී විය හැකිය.
මේ සදහා සහභාගී වන සියළු දෙනාටම Ubuntu 10.4 CD එකක් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ සදහා වන CD 100 ක් අඩංගු පාර්සලයක් පසුගියදා Software Freedom Day සංවිධායකයින් විසින් Courier කර ලැබී තිබෙනවා.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා සම්බන්ධ ඔබට මෙය මහගු අවස්ථාවකි. සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙස ආරාධනා කරමු. වැඩි විස්තර සදහා http://wiki.softwarefreedomday.org/2010 හෝ http://wiki.softwarefreedomday.org/2010/Asia/Sri Lanka/Embilipitiya/OpenMind වෙත පිවිසෙන්න. එසේත් නොමැතිනම් rajeenprasanna@gmail.com වෙත e-mail කරන්න.






පරිගණක මෘදුකාංග භාවිතය හා සම්බන්ධ නීතිමය තත්වය, තාක්ෂණික පසුබිම, ඒ හා සම්බන්ධ ගැටළු හා ප්‍රවණතා පිළිබදව ප්‍රජාව දැනුවත් කර, ඔවුන් නිදහස් හා විවෘත මෘදුකාංග වෙත නැඹුරු කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණයි.


අනේ ඇඹිලිපිටිය… අපිට නමි දුරයි.. කැලණිය …එහෙත් කොලඔ තිබුන නමි අනිවාර්යෙන් යනවා …කොලඔට ලගපාත මේ වගේ සම්මන්ත්‍රණය තියෙනව නමි කියන්න…
ජායා
http://cgi.softwarefreedomday.org/2010/map.shtml
මේ ලින්ක් එකේ තියෙනවා මේ සදහා ලියාපදිංචි වූ ලෝකයේ කණ්ඩායම් වල විස්තර. කොළඹ සදහා UOM කියලා කණ්ඩායමක් තියෙනවා. ඒත් වැඩි විස්තර මොකුත් කියලා නෑ. ඒක නිසා මේ කණ්ඩායමේ විස්තර මොකුත්ම දන්නේ නෑ.
වැඩසටහනේ සාර්ථකත්වය පතා සුභ පතනවා.
මෑතකදී ඔරකල් යකා නටන්නට පටන් ගෙන තිබීම ගැනත් අවධානය යොමු කරන්න හැකි නම් අගෙයි.
වැඩසටහනට ජයවේවා……!
මමත් එනවා ගියසැරේ වගේම හොද වෙයි කියල හිතනවා
niyamai