Open Office.org නිදහස ලැබීම. (Libre Office)
Sun Microsystems සමාගම Oracle සමාගම විසින් මිලදී ගැනීමෙත් සමග Sun සමාගම විසින් open-source ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද OpenOffice.org – The Free and Open Productivity Suite ද Oracle සමාගම වෙත පැවරෙන ලද අතර, එම සමාගම විසින්ද අදාල ව්‍යාපෘතිය එම පදනමෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කරන ලදී.
ප්‍රජාව විසින් සංවර්ධනය කරන ලද නිදහස් හා විවෘත මෘදුකාගංයක් ලෙස (Open Office development community ) විසින් මෙම මෘදුකාංගය සංවර්ධනය විය. පසුව ක්‍රමයෙන් Oracle සමාගමේ යම් යම් ක්‍රියාවලීන් සමග Open Office development community විසින් එම මෘදුකාංගය document foundation නම් පදමනක් හරහා සංවර්ධය කිරීමට කටයුතු යොදා ඇත. එක් ආයතනයක් සතුව තිබීම නිසා ඇති විය හැකි බලපෑමෙන් නිදහස් වීමට සහ වඩාත් නිදහස් හා ප්‍රජාව මත පාදක වූ මෘදුකාංගයක් නිර්මාණය කිරීම සදහා මෙම පදනම බිහි කල බව ප්‍රකාශ වේ.
Open office. org සදහා වූ ලාංඡනයද Oracle සමාගමේ හිමිකාරීත්වය මත පැවතීම නිසා මෙම නව ව්‍යාපෘතිය Libre Office නමින් නව ලාංඡනයක් යටතේ එලි දක්වා තිබේ. Open Office. org Community හි ක්‍රියාකාරී සාමාජිකයන් එකතුවී පිහිටුවා ඇති මෙම පදනම ලාභ නොලබන නිදහස් හා ස්වයං පාලන පදනමකි. BROffice, Google, Novell සහ Red Hat යන ආයතන මෙම පදනම පිහිටුවීම සහ ක්‍රියාකාරීත්වය සදහා මූලික වශයෙන් සහයෝගය ලබා දේ. Free Software Foundation, the OSI, OASIS, Canonical, credativ, Collabora සහ GNOME පදනම මෙම Libre Office සංවර්ධන කටයුතු සදහා දායකත්වය ලබා දෙන බව මේ වන විට ප්‍රකාශ කර ඇත.
මෙම Libre Office සංවර්ධනය කරනු ලබන document foundation යන්න Open office සදහා විකල්පයන් සංවර්ධනය කරනු ලබන ප්‍රජාවන්ගෙන් පළමුවැන්න නොවේ. මීට පෙර http://go-oo.org/ වැනි ආයතන බිහි වුවද ඔවුන් සදහා ලැබුනු ප්‍රජා දායකත්වය ඒ තරම් සතුටුදායක මට්ටමක නොපැවතුනි.
කෙසේ වුවද මෙම නව document foundation සදහා සාමාජිකත්වය ලබා ගන්නා ලෙස Oracle සමාගම වෙතද ආරාධනා කර ඇත. පසුගිය වසර 10 ක් පුරා ප්‍රජාව විසින් ගොඩනංවන ලද නාමය (brand) මේ සදහා ලබා දෙන ලෙස ඒ අනුව ඉල්ලා ඇත. Oracle සමාගම විසින් මේ පිළිබදව සලකා බලන තුරු Libre Office ලෙස මෙය ඉදිරියට ගෙන යාමට පදනම විසින් තීරණය කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී නිකුත් වන Debian, Ubuntu, Fedora and SUSE ආදී ප්‍රධාන ලිනක්ස් සංස්කරණ සමග Libre Office අඩංගු වන බව ප්‍රකාශ කර තිබේ. මෙසේ ලැබෙන දායකත්වය නිසා වෙනත් ආදේශ Open office සංස්කරණයන්ට වඩා වැඩි ඉදිරි ගමනක් හා ක්‍රියාකාරීත්වයක්, ජනප්‍රියත්වයක් ඇති වන බව දක්නට ලැබේ. කෙසේ වුවද පසුගිය කාලයේ ඇති වූ තත්වයන් සමග සලකා බැලීමේදී Oracle සමාගමේ ග්‍රහණයෙන් මෙම Office Productivity Suite නිදහස ලැබීම සවුදිය පිරීමට කරුණක් නොවේද? වැඩි විස්තර සදහා http://www.documentfoundation.org/




