සැරිසර උපනෙතක සොදුරු ඇසි දිසි මතක (www.apeurumaya.lk)
ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම සුන්දර රටක්. මේ පුංචි රටේ සංචාරය කරන අපේ ඇස දුටු සුන්දර ස්ථානයන් අපමණයි. මේ ස්ථාන පිළිබදව කෙටි ඡායාරූපමය වාර්තාකරණයක් සමග එන මාගේ අළුත්ම වෙබ් අඩවිය තමයි “අපේ උරුමය“. මෙහි ඇති සියළු ස්ථාන මම පෞද්ගලිකව නරඹන ලද ස්ථානයන්. ඒ වගේම මෙහි සියළු ඡායාරූප මා විසින්ම ගන්නා ලද ඒවා. සාමාන්‍යයෙන් මම ගමනක් යන කොට කැමරාව අරගෙන යන එක පුරුද්දක්. ඉතින් එහෙම ගත්තු ඡායාරූප විශාල ප්‍රමාණයක් මගේ ලග තිබුනා. ඒ එක්කම ඒ ඒ ස්ථානයන් පිළිබදව වූ විස්තරත් මාගේ මතකයේ තියෙනවා. ඉතින් මම කල්පනා කලා මේ සුන්දර ස්ථාන පිළිබදව වෙබ් අඩවියක් ආරම්භ කරන්න. අපේ උරුමයන් පිළිබදව විස්තර සදහන් වන අඩවියක් නිසා මේ අඩවිය “අපේ උරුමය” නමින් නම් කලා. මේ සදහා තවත් ස්ථාන විශාල ප්‍රමාණයක් පිළිබදව විස්තර ලගදීම ඇතුලත් කරනවා. අළුත් විස්තර ඇතුලත් කල සැනින් බලාගන්න මෙහි RSS Feed ලබාගන්නත් පුළුවන්. ඒ වගේම මෙහි RSS Feed එක ලංකාවේ ජනප්‍රිය බ්ලොග් කියවනයන් කිහිපයකටත් ඇතුලත් කලා.
ඔයාලත් ඇවිත් බලන්න. හොද නරක කියන්න අමතක කරන්න එපා. මොකද ඒක මගේ ඉදිරි කටයුතු වලට ලොකු ධෛර්යක්.






EXCELLENT BROTHER,EXCELLENT
අප මාතෘ භූමියේ තොරතුරැ ආරක්ෂා කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට ඔබ ගත් උත්සාහයට මගේ සුභ පැතුම්..