SMS Alert service


මම පාවිච්චි කරන්නේ Mobitel සම්බන්ධතාවයක්. ඉතින් මම Miss call Alert පහසුකම active කරගෙන තියෙනවා. මම හදිස්සියේ මේ මේ සටහන ලියන්නේ ඒක ගැන කියන්න නෙමෙයි. මේවාට අමතරව තව SMS Alert  ලබා දෙන සේවවන් ගැන  කියන්න. FaceBook, Google calender, Techකතා, Gmail mail alert service වගේ දේවල්.   

මම FaceBook එකෙත් register වෙලා ඉන්නේ. ඉතින් මම මේ FaceBook එකෙනුත් sms Alert සේවාව active කරලා තියෙන්නේ. කවුරැහරි මගේ account එකට සම්බන්ධ මොකක් හරි සටහනක් කලොත් මට sms එකකින් ඒ බව දන්වනවා. ඉතින් මට නිතරම FaceBook බලන්න වෙන්නේ නැති නිසා මේක හරිම හොද පහසුකමක්. අළුත් දෙයක් තියෙනවා නම් sms එකක් ආවම බලන්න පුළුවන්.

ඒ වගේම අනිත් සේවාව තමයි Google calender. ඔයාලටත් google account එකක් තියෙනවා නම් මේ පහසුකම ගන්න පුළුවන්. එතන calender එකේ අපේ තියෙන වැඩසටහන් ඇතුලත් කරලා තියන්න පුළුවන්. ඉතින් ඒ අදාල සටහන පිළිබදව සිහිකැදවීමක් මේ සේවාව මගින් නොමිලේ sms එකක් එවලා මතක් කරනවා. ඒකට අපි setting වලදී අපේ දුරකථනයේ විස්තර ඇතුලත් කරලා තියන්න ඕන. වැදගත් වැඩ, කරන්න තියෙන දේවල් මේ calender එකට ඇතුලක් කරලා තිබුනම sms එකක් එවලා ඒ බව මතක් කරනවා. හරිම පහසුයි.

අනික තමයි මම Techකතා රසිකයෙක්. මේ Techකතා කණ්ඩායමත් ඒ අයගේ අළුත් වැඩසටහන් පැවැත්වීම වගේම recording එකක් නිකුත් කලොත් ඒ බවත් sms එකකින් දැනුම් දෙනවා. ඒකටත් අපි sms එකක් යවලා ලියාපදිංචි වෙන්න ඕන.

අනිත් දේ තමයි Gmail වලට එන mail sms එකක් හරහා දුරකථනය ලබා ගැනීම. හැබැයි ලොකු mail එකක් නම් ලැබෙන්නේ නෑ. පොඩි text විතරක් තියෙන mail එකක් නම් අපිට sms එකක් විදියට ගෙන්වා ගන්න පුළුවන්. ඒකට Gmail වල  setting වලට ගිහිල්ල mail forward වලට අපේ දුරකථනයට අදාල  e-mail ලිපිනය  දෙන්න ඕන. ‍උදා; මගේ තියෙන්නේ mobitel සම්බන්ධතාවයක් නිසා 9471xxxxxxx@sms.mobitel.lk ඔයාලා වෙනත් දුරකථන සම්බන්ධතා පාවිච්චි කරනවා නම් ඒ ආයතනයට කතා කරලා ඔයාලගේ දුරකථන අංකයට අදාල  e-mail ලිපිනය දැනගන්න පුළුවන්.

මේ විදිවට අවශ්‍ය නම් දුරකථනයට sms එකක් විදියට e-mail එකක් යවන්නත් පුළුවන්. ඔයාලත් Try කරලා බලන්න. මටත් කියන්න. comment එකක් දාන්න.

Advertisements
  1. October 1, 2009 at 4:20 pm

    Yeah Yeah…. I also use those services….. 😀

  2. October 1, 2009 at 7:56 pm

    Gmail scene eka mama danagena hitiye nehene…..bohoma thankyou wewa!!

  3. October 2, 2009 at 8:19 am

    thanx !

  4. October 2, 2009 at 9:22 pm

    Gmail වල ඒ තියෙන්නෙ අපිට එන Email අපේ වෙනත් Email එකකට forward කරන්න. ඒකෙන් දුරකථනයට එවා ගන්න පුළුවන්.. ඒත් ෂූවර් එකක් තියන්න අමාරැයි.. සමහර වෙලාවට එන්නෙ නැ.. තව දෙයක්.. අකුරැ 160ට වැඩි ඒවත් මොබිටෙල වලින් එවන්නෙ නැ.. උපරිමය අකුරැ 160යි. ඊට අඩුවෙන් අකුරැ තියන email තමයි දුරකථනයට ආවෙත් එන්නෙ..

  5. niranjana
    November 19, 2009 at 9:34 pm

    thank u its good

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: