Home > තොරතුරැ, Other > Open Source Software ගැන කතාකරන්න ගිහින් මට සිදුවූ වැඩක්…

Open Source Software ගැන කතාකරන්න ගිහින් මට සිදුවූ වැඩක්…


අපි Open Source Software ගැන නොමිලේ වැඩමුළුවක් සංවිධානය කරනවා. මේ ගැන මම කලිනුත් කිවුවා. ඉතින් මම මේ දවස් වල  මේ ගැන ඇඹිලිපිටිය ප්‍රදේශයේ විවිධ ආයතන වලට පොඩි දැනුවත් කිරීමක් කරන්න හිතුවා. මේ වැඩසටහන ඇත්තටම කරන්නේ අතිනුත් පාඩු කරගෙන. අපිට තියෙන ඇගේ අමාරැවලට තමයි. ඉතින් මම මගේ මහන්සියෙන් ඔෆීස් එකේ වියදමෙන් පොඩි ලීෆ්ලට් එකක් හදලා print කලා. ඒකත් අරගෙන මගේ වියදමින් වාහනයටත් ඩීසල් ගහලා ගියා ඇඹිලිපිටියේ තියෙන පරිගණක හා සම්බන්ධ ආයතන වලට.

කාර්මික විද්‍යාලය කියන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පරිගණක පාඨමාලා පවත්වන රජයේ ආයතනයක්. ඉතින් මම මේ ආයතනයටත් ගිහින් විදුහල්පති හමුවෙලා විස්තරේ කිවුවා. මෙයා මුලින්ම මගේ ID එක ඉල්ලුවා. ඒකත් දුන්නා කියමුකෝ. ඊලගට ලීෆ්ලට් එක කියෙවුවා. කියවලා මගෙන් අහනවා මට තියෙන වාසිය මොකක්ද කියලා. මම කිවුවා කිසිම වාසියක් නෑ. මේ අතිනුත් පාඩු කරගෙන කරන වැඩක් කියලා. ඊලගට මම ලීෆ්ලට් එකේ දාලා තියෙනවා Linux Terminal Server (LTSP)  එක ගැන කියා දෙනවා කියලා. මෙයා මගෙන් අහනවා මේ හදන්නේ මේ ටර්මිනල් විකුනන්න නේද කියලා. ඒ අය licence තියෙන software භාවිතා කරන නිසා මේ ගැන වැඩක් නෑ කිවුවා. කොහොම උනත් පරිගණක උගන්වන ගුරැවරයාට කතා කරලා එයා කැමති නම් යන්න කිවුවා. එයත් කිවුවා මේක ඒ තරම් ඒ අයට අදාල නෑ. ඒත් එන්නම් කියලා. මේ අය මම එනකම්ම මම ගැන බැලුවේ මේ මොනව හරි දෙයක් විකුනන්න ආපු පේමන්ට් කාරයෙක් විදියට. හරිම සැකයකින්.

ලංකාවේ මුදලට හැම දේම කරන නිසා යමක් නොමිලේ දෙන්න හැදුවම මිනිස්සු අපි ගැන හිතන්නේ එහෙමයි. මම ඉතින් එයත් එක්ක ඇරගන්න ගියේ නෑ. මොකටද ඉතින් මේ වගේ වැඩක් කරන්න හදන එකේ මොකටද නිකන් මනුස්සයෝ තරහ කරගන්නේ කියලා.

ඇත්තටම මේ වැඩේට දැන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ අනිත් ආයතන වලින් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයේ ආයතන වල අයත් ගොඩක් එනවා කියලා කිවුවා. මට දුක ලංකාවේ පරිගණක උගන්වන මේ වගේ රාජ්‍ය ආයතනයක මුල් පුටුවල ඉන්න අයගේ දැනුම හා ආකල්ප ගැන. මේ පුද්ගලයාට Open Source Software ගැන කිසිම දැනුමක් ඇතිව නෙමෙයි කතා කෙරැවේ. ඒ වගේම කිසිම උනන්දුවකිනුත් නෙමෙයි. ඇත්තමට මේ වගේ ආයතන වලින් පරිගණක ඉගෙන ගන්න අයට මොන වගේ අනාගතයක් ලැබෙයිද?

Advertisements
  1. October 6, 2009 at 5:54 pm

    ඔය ගැනනම් කියල වැඩක් නෑ. මතක තියා ගන්න, මේක ලංකාවනෙ. !
    නිකන්දෙන දේ අපේ මිනිස්සුන්ට කොහොමත් වටිනව අඩුයිනේ

  2. October 6, 2009 at 6:31 pm

    කියල වැ‍ඩක් නෑ.. අහන්නත් දුකයි…

  3. October 6, 2009 at 9:22 pm

    ඇඹිලිපිටිය කාර්මික විද්‍යාලය….. ඕවා කවදා දියුණු වෙයිද මචන්……??

    දැන් ඉන්නේ ඔක්කොම දේශපාලන හෙන්චයියෝ විතරයි…. 😦 මගේ තාත්තත් කාර්මික විද්‍යාල විදුහල්පති කෙනෙක් වෙලා හිටියා……. නමුත් දේශපාලන කොමිස් කාක්කෝ එයාට වැඩක් කරන්න දුන්නේ නෑ…….!!

  4. ඉසුරු
    October 6, 2009 at 10:46 pm

    මේව කතාකරල වැඩක් නෑ

  5. chamara
    October 6, 2009 at 11:57 pm

    owata salenna epa.. oya digatama karagena yanna. ape pathi walath karanna.. api aniwa enawa.

  6. October 7, 2009 at 9:25 am

    😦 ගණන් ගන්න එපා. හොඳ වැඩවලට හැමතැනම බාධක තියෙනවා. කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ඉස්සර‍හට වැඩේ කරගෙන යන්න. මගේ සුභ පැතුම්.

    (මේ වගේ මිනිස්සු ලංකාවේ ලොකු පුටුවලට එන්නේ රටේ අවාසනාවක‍ට වෙන්න ඇති)

    වැඩ සටහන ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරන්න අපිටත් දැනගන්න.

    ජයෙන් ‍ජය!!!!

    • rajeenprasanna
      October 7, 2009 at 10:28 am

      මම ලිනක්ස් පාවිච්චියට අරන් දැනට ටික කාලයක් වෙනවා. ඒක නිසා මම හිතුවා මේ ගැන අනෙක් අයත් දැනුවත් කරන්න ඕන කියලා. ලංකානෙට් ආයතනයත් එක්ක කතා කරලා මම පොඩි programme එකක් සංවිධානය කලා. මෙතනදී මම හුගාක්ම target කලේ මේ ගැන represent කරන්න පුළුවන් අය සහභාගී කරවන්න. පරිගණක ගුරැවරැ, පරිගණක වෙළදසැල් වල කාර්මික ශිල්පීන්, ණැණසල හිමිකරැවන් හා පරිගණක ගැන දැඩි උනන්දුවක් තියෙන ශිෂ්‍යයින් හා රාජ්‍ය / පෞද්ගලික ආයතන වල පරිගණක භාර නිලධාරීන්. 2009.10.31 උදේ 09.00 ට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ තමයි තියෙන්නේ.

      අපි එදාට වින්ඩෝස් භාවිතා කරන අයට open source software භාවිතයේ වැදගත්කම, ලිනක්ස් භාවිතයට අවශ්‍ය මූලික දැනුම, Linux install කරන විදිය, Linux terminal server ගැන දැනුම ආදිය දෙන්න බලාපොරොත්තු වෙනවා. ලංකානෙට් එකන් නොමිලේ ubuntu offline භාවිතා කරන්න පුලුවන් විදියට දියුණු කරපු DVD එකකුත් නොමිලේ දෙනවා.

      මේක මගේ අදහසකට, ලංකානෙට් එකේ උදව්වෙන් හා ඒ අයගේ සම්පත් දායකත්වයෙන්, මගේ සංවිධානයෙන් තමයි පවත්වන්නේ. මේවා තමයි ඉතින් මූලික විස්තර 🙂

      • October 7, 2009 at 10:34 am

        එළ එළ
        ඔහොම යං, ඔහොම යං…

  7. October 7, 2009 at 9:26 am

    සහෝ , හොඳ දෙයක් කරන්න යනවානම් ඔබ බැනුම් ඇහීමටත් සූදානම් වෙන්න වෙනවා. හිත නරක් කරගන්න එපා. ඌට වාසියක් වෙනවා නම් පැනගෙන එයි. ඒක තමා රාජ්‍ය සේවයේ ක්‍රමය… මිනිසුන් වෙනස් කරන්න අමාරුයි. වෙනසට මිනිසුන් බයයි.

    අනෙත් ආයතන වලින් මේකට සහයෝගයක් ලැබීම ලොකු දෙයක්. දිරිමත් වෙන්න . ඉදිරියට යන්න !

  8. October 7, 2009 at 10:39 am

    මේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒත් මට මෙහෙම ප්ර ශ්නයක් තියෙනවා. බ්ලොග් එකකුත් කරලා අපි වගේ FOSS ගැන දැන ගන්න නහින්න හදන (ඒත් හෙණ ගාණක් වියදම් කරලා courses වලට යන්න බැරි !) අයට help එකක් විදියට මේ පාඩම් බ්ලොග් එකෙන් හරි PDF files විදියට හරි දුන්නොත් ඒක ලොකු පිනක් නේ. පස්සේ workshops කරනවනම් පොඩි ගාණක් ගත්තත් කමක් නෑ. දානයක් දෙන කොට ඒක ලැබිය යුතු කෙනා හොයලා දෙන්න ඕන කියලා බුදු බණෙත් තියෙනවා මම හිතන්නේ.

  9. October 7, 2009 at 3:00 pm

    ඔය කාර්මික විද්‍යාල වල විදුහල්පතිව‍රූ තියා ඒවයි Computer උගන්වන බොහෝ දෙනෙක් Computer ගැන හ‍රියට දන්න අය නෙවෙයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඉතින් මේ අයට FOSS කියන්නෙ හරියට නිකන් අපේ අයට දෙමළ වගේ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මේ අයට නොදන්න දෙයක් ඉගෙන ගන්න වත් උනන්දුවක් නැති එක. කොහොම උනත් කමක් නෑ ඔය ක‍රගෙන යන වැඩේ ඉස්ස‍රහට ක‍රගෙන යන්න අපෙන් සුභ පැතුම්.

  10. කපිල
    October 7, 2009 at 4:42 pm

    සැලෙන්න එපා මචං. අංකූරොන්ගෙ වැඩ නිසා, මිනිස්සු සැකෙන් තමයි බලන්නෙ. ඒකට ඉතින් වැ‍රැද්දක් කියන්න බැහැ නෙ.

    පින්සිබොල් ට නොතේරුනාට ළමයින්ට ඉක්මනින්ම මීටර් වෙයි. ඔය අතින් ගුරුවරුන්ට වඩා ළමයි සෑහෙන්නෙ ඉදිරියෙන් නෙ ඉන්නෙ.

  11. pathma kumara (vidatha kolonna)
    October 8, 2009 at 2:24 pm

    ලොක්කා ගොබ්බයෙක් නම් අනිත් එවුන් ගැන මොන කතාද? උඹ ගනන් ගන්න එපා. අපි එදාට එතන ඇති.

  12. සසු
    October 9, 2009 at 1:30 am

    ‍පොඩි ටිප් එකක්! ඉස්සෙල්ලා විදුසර වගේ පත්තරයක පොඩි ආර්ටිකල් එකක් දාන්න බලන්න විචය පරිගනකත් ාහාදයි මොකද අපේ අයට අළුත් දේවල් කියලා දෙන්න පරන ක්‍රම වලින් ගියොත් තමයි දිරවන්නේ කොහොම වුනත් වැඩේ අතාරින්න එපා

  13. sandaruwan
    October 9, 2009 at 10:12 am

    Well done buddy

  14. Anura
    December 8, 2009 at 7:51 pm

    Dont worry Rajeen , You have done wonderfull job. If you can satisfy doing this task , it will create yor future. go head . i wish you .

    Anura Lokugamage

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: