Home > තොරතුරැ, Features, Other, Windows > ඔබගේ පරිගණකය කොතරම් දුරට ආරක්ෂාකාරීද ? (Hacking Windows System)

ඔබගේ පරිගණකය කොතරම් දුරට ආරක්ෂාකාරීද ? (Hacking Windows System)

October 27, 2009 Leave a comment Go to comments

අද මම කතාකරන්න හදන්නේ ඔබගේ පරිගණකය කෙනෙකුට Hack කල (නොහැකි) අපහසු තත්වයකට පත් කරගන්නේ කොහොමද කියන එක ගැන. මම දැකල, පාවිච්චි කරල තියෙන MS Windows තියෙන පරිගණක වලින් 98% ක්ම මේ මම කියන්න යන එකක් හෝ සිදුරක් සහිතව තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ පද්ධතියක ඔයාගේ දත්ත කොතරම් දුරට ආරක්ෂාකාරීද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.

තවත් විදියකට කියනව නම් අද මම කියන්නේ පරිගණකයකට අනවසරයෙන් ඇතුළු වෙන්නේ කොහොමද කියන එක ගැනයි. මේ ගැන ලියන්නේ මේවා ඉගෙන ගත්තාම ඒ වගේ දෙයකින් වැලකී සිටීමේ අවස්ථාව ඔයාලට සකස් කර ගන්න පුළුවන් නිසයි. මම වැරදි දෙයක් හෝ වැරදි ක්‍රමයක් හෝ කියලා තියෙනවා නම් comment එකක් දාලා නිවැරදි කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අමතක වුන දෙයක් තියෙනවා නම් මතක් කරන්න කියලත් ඉල්ලනවා.

අපි දැන් බලමු මේ windows system එකකට යන්න පුළුවන් අනවසර ක්‍රම මොනවද කියලා.

  1. හුගාක් අය (98% විතර) පරිගණකයට මුලින්ම windows install කරද්දී ඉල්ලන Administrator පරිශීලක ගිණුම සදහා මුර පදයක් යොදන්නේ නෑ. ඊලගට installation එක අවසානයේදී තමන්ගේ නම user name විදියට දීලා ඒකට මුර පදයක් යොදනවා. ඉතින් අර Administrator ගිණුම මුර පදයකින් තොරව තමයි තියෙන්නේ. Administrator ගිණුම ඊට පස්සේ අපිට පෙන්වන්නේ නෑ. අපි windows වලදී welcome screen එකේ මුර පදයක් ඉල්ලන අවස්ථාවේ Ctrl + Alt + Del කියන key තුන එකවර press කලොත් user name සමග password typeකරන අවස්ථාවක් ලබා දෙනවා. එතනදී user name ලෙස Administrator යන්නත් password කියන එක හිස්වත් තියලා enter කලොත් system එකට යන්න පුළුවන්. මුර පද මුකුත්ම ඕන නෑ. සමහර පරිගණක වල මෙතනදී මේ ගිණුම අක්‍රීය කරලා කියලා පණිවුඩයක් එනවා. නමුත් ඒ වගේ හිස් මුරපදයක් සහිතව නම් තියෙන්නේ Safe mode එකෙන් පරිගණකය පණ ගන්වලා මේ විදියට කලොත් වැඩ කරනවා. ඉතින් මේ ගිණුම සදහා ඔබත් මුර පදයක් යොදල නැත්නම් අදම මුර පදයක් යොදන්න.
  2. අපිට පුළුවන් windows password hack කරන්නම හදලා තියෙන linux based මෘදුකාංගයක් පාවිච්චි කරලා පරිගණකය පණ ගන්වන්න. එතනදී අපිට කිසිම ගැටළුවක් නැතිව දැනට තියෙන මුරපදය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම දැනට තියෙන මුරපදය ඉවත් කරන්නත් පුළුවන්. එහෙම කරලා system එකට යන්න පුළුවන්.
  3. ඒ වගේම linux live CD එකක් පාවිච්චි කරලා system එකට යන්නත් පුළුවන්. එහෙම කලොත් කිසිම ගැටළුවක් නැතිව අපේ Hard disk එකේ තියෙන ඕනෑම දෙයක් පිටපත් කරගෙන යන්නත් පුළුවන්. කිසිම ආරක්ෂාවක් නෑ. මේ 2 සහ 3 කියන ක්‍රම නවත්වන්න නම් අපිට BIOS වල වෙනස්කම් ටිකක් කරන්න වෙනවා. Boot order එක වෙනස් කරන්න ඕන hard disk එකෙන් විතරක් Boot කරන්න පුළුවන් විදියට. ඒ වගේම Boot menu එකක් prompt කිරීමේ පහසුකමත් අක්‍රීය කරන්න ඕන. නැත්නම් Boot order එක සකස් කලත් F10 හෝ F11 වගේ function button එකක් මගින් Boot device එක තෝරා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. එතනදී CD හෝ Pen drive එක තෝරලා ඒකෙන් Boot කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ Boot menu එකක් prompt කිරීමේ පහසුකමත් අක්‍රීය කරන්න ඕන. මේ හැමදේම කරලා BIOS එකටත් password එකක් දාන්න අමතක කරන්න හොද නෑ. මොකද ඔක්කොම setting හදලා තිබුනත් BIOS එකට password එකක් නොදැම්මොත් ගගට ඉණි කැපුවා වගේ වේවි.

ඒ වගේම තමයි ඉතින් Hack කරන්න අවශ්‍යම එකෙකුට නම් මේ මොනවා කලත් පොඩි හරි සිදුරකින් යන්න පුළුවන්. අපිට සියළුම සිදුරැ වහන්න නම් අමාරැයි. මොකද windows කියන්නේ හරියට දැලක් වගේ නේ. සිදුරැ ගොඩාක් තියෙනවා නේ. ඒත්, මේ අපිම තියලා තියෙන අලින්ට රිංගන්න තරම් පුළුවන් ලොකු සිදුරැ ටිකක් හරි වහලා දැම්මොත් ටිකක් හරි ආරක්ෂාව තියෙනවා.

Advertisements
  1. October 27, 2009 at 7:15 pm

    CMOS clear කලොත්? 😛

  2. October 27, 2009 at 8:02 pm

    thanX tip ekata 🙂

  3. ගයන්ත
    October 27, 2009 at 11:51 pm

    BIOS password එකක් දාලා, PC එකට (කේසින් එකට) ඉබ්බෙකුත් දාගන්න වෙන්නෙ.. 😉

  4. Nuwan
    October 28, 2009 at 10:30 am

    Windows කියන්නෙ ඉතින් කොහොමත් සිදුරක්(කවුලූ) නේ…ඕකෙන් ඕන කෙනෙක්ට පැනල යන්න පුලුවන් නේ ඒකෙටම නේ හදල තියෙන්නේ…..ඕකෙන් අලියෙක්ට වුනත් යන්න පුලුවන්….ලිනක්ස් උබුන්ටු ගත්තත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා.නැතුවම නෙවෙයි 😛

  5. no name
    October 28, 2009 at 10:38 am

    1. Logon to Vista using your usual account.
    2. Launch the cmd prompt – Make sure you select, ‘Run as administrator’
    3. Net user administrator p£ssw0rD
    4. Net user administrator /active:yes
    5. Switch User, or logoff
    6. Logon as Administrator Password p£ssw0rD
    (Your password may be different!)

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: