Home > Other > Hardware Shop එකකින් තේ බීම හෙවත් විදුලි උපකරණ කඩයකින් පරිගණක මිලදී ගැනීම.

Hardware Shop එකකින් තේ බීම හෙවත් විදුලි උපකරණ කඩයකින් පරිගණක මිලදී ගැනීම.

November 18, 2009 Leave a comment Go to comments

පසුගිය දවසක අපේ කාර්යාලයේ Group Sale එකක් තිබුනා. Singer ආයතනයෙන් තමයි මේ Sale එක කලේ. ඒ අය විවිධ විදුලි උපකරණ ප්‍රදර්ශනයට තබා තිබුනා. පහසු ගෙවීමේ ක්‍රමයට කාර්යාල නිලධාරීන් සදහා මේ උපකරණ ලබා දීමට කටයුතු සූදානම් කර තිබුනා. TV, ශීතකරණ, මහන යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර වගේම පරිගණකත් මේ ස්ථානයේ තිබුනා.

ඉතින් අපේ කාර්යාලයේ අයටත් පරිගණකයක් ගන්න ඕන වෙලා. කට්ටිය මට කියනවා මේවා හොදද කියලා බලන්න කියලා. පරිගණක ඉතින් හොදයි තමයි. මොන වරදක්ද? 😛 ඉතින් එක්කෙනෙක් මගෙන් අහනවා මේක ලාබද? ගන්නද? කියලා. 🙂

මම එයාගෙන් ඇහුවා ඔයාට තේ එකක් බොන්න ඕන උනොත් යන්නේ කොහාටද කියලා. මෙයා කියනවා හෝටලයකටලු ! ඉතින් මම කිවුවා එහෙනම් හාඩ්වෙයාර් එකකින් තේ බොන්නේ නැතිව හෝටලයකින් තේ බොන්න. එතකොට සීනි, කහට අඩුවක් එහෙම උනොත් දා ගන්නවත් පුළුවන් කියලා.

පරිගණකයක් මිලදී ගන්න ඕන ඒවා විකුනන කඩයකින්. හාඩ්වෙයාර් එකෙත් තේ දෙන්න පුළුවන්. ඒ අසල තියෙන තේ කඩයකින් ගෙනල්ලා. ඒ අයත් ගානක් තියාගෙන දෙන විදියට. :p

මේ තිබුන පරිගණකය Intel Atom 1.6, 1GB DDR11 RAM, 160 GB HDD, DVD Rom, 15” CRT Monitor, KB, Mouse, Speaker. ගනන් රැපියල් 39000.00 යි. ගෙවන්න දෙනවා. මාස 18 කින් ගෙවද්දී රැපියල් 54000.00 යි. මම පරිගණක වෙළද සැලකින් අහලා බැලුවා මේ පරිගණකයම ඒ අයගේ මිල. රැපියල් 30000.00 විතර ගන්න පුළුවන් කිවුවා.

මීට අවුරැද්දකට විතර කලින් මම දන්න කෙනෙක් මෙතනින්ම මේ වගේ පරිගණකයක් ගත්තා. එතකොට රැපියල් 64000.00 යි. ඒ අය කේසින් එකට warranty sticker ගහලා. ඉතින් එයාට වෙන Combo drive එකක් දා ගන්න ඕන වෙලා මේ අයටම කතා කරලා කරගන්න උනා. ඒ අය කේසින් එකෙන් warranty sticker අයින් කරන්න කැමති නෑ.

ඉතින් ඔන්න ඔහොමයි වැඩේ. කතාව කොහොම උනත් ගෙවන්න දෙන නිසා එක්කෙනෙක් නම් මේ පරිගණකයක් ගත්තා මේ අයගෙන්. 😦

හොද වෙලාවට මේ මිනිස්සුන්ට මගේ කතාව ඇහුනේ නෑ. නැත්නම් ගුටි කන්නත් වෙනවා. ඇත්තටම පරිගණකයක් මිලදී ගන්න නම් නියම ක්‍රමය නේද? 🙂

Advertisements
  1. guru
    November 18, 2009 at 6:17 pm

    Really, if I get the time I will tell you more about SINGER Sri Lanka & their bully tactics on us.Even their other goods are not the best as they advertise.

  2. November 18, 2009 at 7:26 pm

    නියම උපදෙස! ඕක කොහේහරි ලියාගන්න ඕනෙ!

  3. November 18, 2009 at 11:34 pm

    හික්.. 😀 මම ඕව කතා කරන්න ගිහින් අබාන්ස් එකේ වලි දාගෙනත් තියෙනව 😀 අබාන්ස්, සිංගර් දෙකම කරන්නෙ අමුම අමු බොරුව..

  4. April 14, 2010 at 11:44 pm

    මේගොල්ලො මිනිස්සුන්ව ගසා කන එක් වෙනම කතාවක්. හුඟක්ම මේවගේ තැන් වලින් ගන්නෙ ගෙවන්න ගන්න දෙන නිසා.. ගන්න එපා කිවුවොත් අහන්නෙ ‘අනිත් තැන් වලින් ගෙවන්න දෙනවද’ කියලා.. ඒ වෙලාවට තමා අපිට කට උත්තර නැතිවෙන්නෙ.. 😦

    ආ… තව දෙයක් මම දන්න කියන ඩයල් එකක් සිංගර් එකෙන් 256MB Pen එකක් (දැන් අවුරුදු දෙකක් විතර ඇති) නොමිලේ දෙනව කියලා AGC එකක් ගත්තා. උට කොහොම තේරුම් කරන්නද පෙන් 10ක විතර සල්ලි වැඩිපුර ගෙවලා එක පෙන් එකක් *නොමිලේ* අරන් තියෙන්නෙ කියලා.. 😀

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: