Home > Features, Other, Software, Technology > Ubuntu මතට KDE ස්ථාපනය කරමු.

Ubuntu මතට KDE ස්ථාපනය කරමු.

November 30, 2009 Leave a comment Go to comments

අපි Ubuntu install කරද්දී ලැබෙන Desktop environment එක තමයි Gnome. ඇත්තටම අපිට පුළුවන් අවශ්‍ය නම් Ubuntu මතටම Kubuntu වලදී ලැබෙන, එනම් KDE (K Desktop Environment) එක ස්ථාපනය කර ගන්න. එතකොට ඔයාලගේ Desktop එක ලැබෙන්නේ මෙන්න මේ විදියට.

ටිකක් ලස්සනයි. හරියට Windows Vista වලදී වගේ. නැත්තම් ඊටත් වඩා ලස්සනයි. අපි ඇඹිලිපිටියේ පවත්වපු විවෘත හා නිදහස් මෘදුකාංග පිළිබදව වැඩමුළුවේදී නොමිලේ Ubuntu Customized DVD එකක් ලබා දුන්නා. ඒක ලංකානෙට් ආයතනයෙන් මෘදුකාංග ගනනාවක් එකතුකරලා හදපු එකක්. ඉතින් ඒ වගේ දැනට Ubuntu භාවිතා කරන අයට ඒක ඉවත් කරලා අළුතෙන් Kubuntu ස්ථාපනය කරන්නේ නැතිව මේ KDE එක විතරක් දා ගන්න පුළුවන්. අනෙක් දේ තමයි අපිට අවශ්‍ය පරිදි KDE සහ Gnome අතර මාරු වෙන්නත් පුළුවන්. අවශ්‍ය නම් KDE භාවිතා කරන්නත්, අවශ්‍ය නම් Gnome භාවිතා කරන්නත් පුළුවන්.

මෙහෙමයි කරන්නේ. (මේ සදහා ඔබට අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි.)

System —- Administration — Software Sources වෙත යන්න. අවශ්‍යය නම් ඔබගේ මුරපදය ලබා දෙන්න.
එහි දෙවන Tab එක එනම්, Third-Party Software යන්න තෝරන්න. Add යන බොත්තම තෝරා APT line කියන එකට deb http://ppa.launchpad.net/kubuntu-ppa/backports/ubuntu jaunty main යන්න Copy, Paste කර Add Source යන බොත්තම තෝරන්න.

තුන්වන Tab එක එනම්, Updates යන Tab එකේ Unsupported updates (jaunty-backports) කියන එක තෝරන්න.

මෙතන Right ක්ලික් කරලා Save link as යන්න තෝරන්න. එතනදී එන ෆයිල් එක ඩෙස්ක්ටොප් එකේ Save කර ගන්න.
හතර වෙනි Tab එක එනම්, Authentication යන්න තෝරා Import Key File තෝරන්න. ඉන්පසු ඔබ ඉහත පියවරේදී ඩෙස්ක්ටොප් එකේ Save කර ගත් ෆයිල් එක තෝරා ගන්න. ඉන්පසු ඔබට මෙම Tab එක තුළ 8AC93F7A 2009-05-07 Launchpad Kubuntu Updates කියලා entry එකක් පෙන්නනවා.

ඉන්පසු Close යන බොත්තම ඔබන්න. ඊලගට එන window එකෙත් Reload යන්න තෝරන්න.

Application — Accessories — Terminal තෝරන්න. ඉන්පසු මේ Code එක Copy, Paste කර Enter කරන්න

sudo apt-get install kubuntu-desktop

මුර පදය අවශ්‍ය නම් ලබා දෙන්න.
දැන් KDE 4.3 download වෙනවා.

දැන් පරිගණකය Reboot කරන්න. ඔබගේ Login window එකේදී Option යන්න තෝරා Select Session යන්න තෝරන්න. එතනදී KDE යන්න තෝරා ගන්න. ඔබ Auto Login යන්න තෝරා ඇත්නම් මෙය තේරීම සදහා System — Log Out යන්න තෝරා ගෙන Login Window එකට යන්න ඕන.
ඔබට නැවත Gnome ලබා ගන්න ඕන නම් නැවතත් Login Window එකට ගිහින් පෙර පදිරි KDE වෙනුවට Gnome යන්න තෝරා ගන්න.

ඔබට Ubuntu boot වීමේදී ලැබෙන window එකේ දැන් පෙන්වන්නේ Kubuntu කියලා. එම Bootsplash window එක පෙර තිබූ Ubuntu Bootsplash එකම අවශ්‍ය නම් නැවතත්

Application — Accessories — Terminal තෝරන්න. ඉන්පසු මේ Code එක Copy, Paste කර Enter කරන්න

sudo apt-get install startupmanager

StartUp-Manager ස්ථාපනය කර ගන්න. ඉන්පසු, System — Administration — StartUp manager වෙත යන්න. එහි Appearance කියන දෙවන Tab එකෙන් Splash theme තුළින් splash-theme-ubuntu තෝරා ගන්න.

කෝච්චියක් වගේ ලියාගෙන ගියා. අපැහැදිලි තැනක් තියෙනවානම් කමන්ට් එකක් දාන්න. කියලා දෙන්නම්.

Try කරලා බලලා Comment එකක් දාන්න අමතක කරන්න එපා.

Advertisements
  1. November 30, 2009 at 7:48 pm

    හෆෝ, KDE නං මට අල්ලන්නෙම නෑ. දැන් දෙපාරක් දාලා දෙපාරම අයින් කළා! :/

    මම Gnome, KDE, XFCE 3ම දාල බැලුව. XFCE = Light Weight Gnome කියල කියන්න පුළුවන්. ඒකෙ එච්චර වරදක් නෑ.

    මෙන්න මගේ ශ්‍රේණිගත කිරීම:

    Gnome > XFCE > … > KDE

    තව LXDE කියල එකක් තියනවා. ඒකත් ගන්න දෙයක් නෑ, නිකං Windows-wanna-bes! :/

    KDE වලට වඩා Gnome ලස්සන කරගන්න පුළුවන් Compiz Fusion + Emerald වලින්!

  2. harsha
    April 14, 2010 at 1:10 pm

    mage software source eka reload kalama full update wenne naha. samahara file fail kiyala watenawa

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: