Home > තොරතුරැ, Other > ලංකාවේ පාසල් වල තොරතුරු තාක්ෂණ භාවිතය ගැන නැවත හැරිල බලමුද ?

ලංකාවේ පාසල් වල තොරතුරු තාක්ෂණ භාවිතය ගැන නැවත හැරිල බලමුද ?

December 10, 2009 Leave a comment Go to comments

අද තොරතුරු තාක්ෂණ භාවිතය පාසල් සිසුන් තුළ වඩා ව්‍යාප්තව තිබීම සතුටට කරුණක්. ලංකාවේ පරිගණක සාක්ෂරතාවය යම් මට්ටමකට හෝ ඉහල යෑම යනු, රටේ සංවර්ධනයට හිනි මගක්. නමුත්, ඇත්තටම අපි මෙම කටයුත්ත සදහා අපට ඇති උපරිම සම්පත් පාවිච්චි කරනවාද යන්න විමසුමට භාජනය කල යුතු මාතෘකාවක් කියලයි මටනම් හිතෙන්නේ.

අද ලංකාවේ පරිගණක විද්‍යාගාර පහසුකම් සහිත පාසල් ඇත්තේ සීමිත සංඛ්‍යාවක්. එයින්ද, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක විද්‍යාගාර ඇත්තේ 7% වැනි ඉතාම සීමිත ප්‍රමාණයකට පමණයි. බොහෝ පාසල් වල පරිගණක විද්‍යාගාර තියෙනවා. ඒවායේ පරිගණකද තියෙනවා. එසේම පරිගණක ගුරුවරුද ඉන්නවා. කොහෙන් හෝ අතපත ගා අහුලා ගත් දැනුමක් සහිත සිසුන්ද ඉන්නවා. සමහර පාසල් වල School Net මගින් අන්තර්ජාල පහසුකම් පවා තියෙනවා.

නමුත්, මෙම භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගෙන මෙරට සිසුන්ට විධිමත් තොරතුරු තාක්ෂණ දැනුමක් ලබා දීමට හෝ පරිගණක ආශ්‍රිත ඉගෙනුම් ක්‍රියාවලියක් සදහා අවශ්‍ය විධිමත් වැඩපිළිවෙලක් හෝ මෙරට දකින්න නෑ. 😦 මම පසුගිය දවසක අපේ පැත්තේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිතුමා සමග කතා කලා. එහිදී, එම පාසලේ අන්තර්ජාල පහසුකම් පවා තිබෙන බව දැනගත්තා. නමුත්, විදුහලේ නමින් වෙබ් අඩවියක් තබා, බ්ලොග් අඩවියක්වත් නැහැ. 😦 පරිගණක විෂය උගන්වන බොහෝ (සියල්ලන්ම නොවේ) ගුරුවරුන්ට විධිමත් දැනුමකුත් නැහැ. එම ගුරුවරුන්ට වඩා දැනුමක් සහිත ළමුන් එහි සිටින බව දැනගත්තා. Google groups, Education web sites, Blogging, අධ්‍යාපනික සම්පත් භාවිතය ආදියත් ඉතාමත් අවම මට්ටමක තමයි තිබුනේ. ඇත්තමට බැලුවොත් භාවිතයක් නොමැති තරම්.

ඇත්තටම පරිගණක විශාල සංඛ්‍යාවක් සහිත විද්‍යාගාරයේ අධ්‍යාපනික සම්පත් සහිත පරිගණකයක් පවා තිබුනේ නෑ. අධ්‍යාපනික CD, විවිධ අධ්‍යාපනික මෘදුකාංග, පාඩම් ආදිය යම් එක් පරිගණකයක් තුළ ගබඩා කර සිසුන්ට copy කර ගැනීමේ පහසුකම් සපයා තිබුනේ නම්, ඔවුන් අතර දැනුම හුවමාරු කර ගැනීමට ඉතා වැදගත්. නමුත් එවැනි ක්‍රියාවලියක් මෙම පාසල් තුළ ක්‍රියාත්මක නෑ. ළමුන්ගේ තියෙන්නේ අහුලාගත් අවිධිමත් දැනුමක්. මම දැකලා තියෙනවා ලංකාවේ මෙවැනි පරිගණක ආශ්‍රිත ඉගෙනුම් මාධ්‍ය සැලකිය යුතු තරමක් තියෙනවා. ඒ වගේ දේවල් එක් තැනකට එකතු කරනවා කියන්නේ ඇත්තටම එතැන බිහිවෙන්නේ තොරතුරු තාක්ෂණ පුස්තකාලයක්.

ඇත්තටම මට හිතෙන්නේ මෙම සිසුන්ට විධිමත් හා ක්‍රමවත් දැනුමක් හෝ මග පෙන්වීමක් ලබා දෙනවා නම් ඔවුන් මීට වඩා බොහෝ සාර්ථක වනු ඇතැයි යන්නයි.

මගේ පෞද්ගලික පරිගණකයේ ගිගා බයිට් 35 ක පමණ අධ්‍යාපන වැඩසටහන් තියෙනවා. 🙂 එවැනි දෙයක් පාසලක පරිගණක විද්‍යාගාරයක තැබුවොත්, ඒ වගේම අධ්‍යාපනික තොරතුරු ලබා ගන්න පුළුවන් වෙබ් අඩවි bookmark කරල තැබුවොත් කී දෙනෙක් ප්‍රයෝජන ගනීවිද? නමුත් ගැටළුව එහෙම කරපු පාසල් විද්‍යාගාර කීයක් මේ රටේ තියෙනවද කියෙන එකයි.

අනික හුගාක් පාසල් වල පරිගණක අධ්‍යාපනය windows මෙහෙයුම් පද්ධතියට සීමා වෙලා. ඒ ආශ්‍රිත මෘදුකාංග විතරයි උගන්වන්නේ. Free & Open source මෘදුකාංග ගැන අවධානයක් හෝ අවබෝධයක් ඇත්තේම නැහැ. ඉතින් ලංකාවේ නීති විරෝධී මෘදුකාංග ව්‍යාප්තියට මේක ප්‍රධානම හේතුවක් කියලයි මටනම් හිතෙන්නේ. මිනිස්සු ව්‍යාජ මෘදුකාංග භාවිතයට පෙළඹීමට ‘නොදැනුවත්කම’ ප්‍රධානම හේතුවක් වෙනවා. මොකද අපි ඇඹිලිපිටියේ කරපු වැඩසටහනින් පස්සේ සැලකිය යුතු පිරිසක් විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතා කරනවා දකින්න ලැබුනා. සමහරු windows ඇතෑරලා linux පමණක් භාවිතා කරන්න ගත්තා. (ඇත්තටම ඒක සතුටට කරුණක් 🙂 ) අපි පාසල් සිසුන්ට නිවැරදි දැනුමක් හා අවබෝධයක් ලබා දෙනවා නම් මේ තත්වය සෑහෙන්න වෙනස් වේවි.

මේක ඉතින් උඩ ඉදලම වෙනස් වෙන්න ඕන දෙයක්. නමුත්, අපිට සම්පත් නෑ කියනවාට වඩා වැදගත් වෙන්නේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරන් යමක් කරන එකයි. කොහොම උනත් පාසල් වල ඉන්න ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට හෝ අවශ්‍යතාවය තියෙනවා නම් මේ තත්වය වෙනස් කරන්න ඒ අයටත් සැලකිය යුතු දෙයක් කරන්න පුළුවන් නේද?

Advertisements
  1. December 10, 2009 at 11:06 am

    දැන් පාසල් වල පරිගණක විද්‍යාගාර භාවිතා කෙරෙන්නේ තොරතුරු හා සන්නිවේද තාක්‍ෂණ විෂය සඳහා පමණයි.

    නමුත් පරිගණක ආධාරිත ඉගනුම (CAL – Computer Aided Learning) කියන්නේ වෙනස් දෙයක්. එහිදී සිදුවන්නේ පරිගණක යන්‍ත්‍රය පොතක් පෑනක් වගේ උපකරණයක් බවට පත් කොට ගෙන ඒ හරහා වෙනත් විෂයයක් ඉගනීමයි.

    අද අපි කරන්නේ පරිගණක විද්‍යාගාරයේදී පරිගණක පිළිබඳව හැදෑරීම පමණයි. එය හරියට පොත හෝ පෑන ඉගනුමට හවුල් කරගන්නවා වෙනුවට, පොත හෝ පෑන ගැන ඉගනීමට සමානයි.

    ඇත්තටම නිවැරදි CAL එකක් කරන්නට අද තියන සම්පත් කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා නිවැරදිව ජාලකළ පරිගණක එක් සිසුවෙකුට එක බැගින් තිබිය යතු වෙනවා.

    මගේ අදහස නම්, සිසුන්ට අඩුමුදලට ලබාදෙන පරිගණක පාසල තුලදී රැහැන් රහිතව පාසල තුල ක්‍රියාත්මක පරිගණක ජාලයකට සම්බන්ධ කිරීමෙන් මෙය සිදු කළ හැකියි.

    මුල් වියදම ඉතා වැඩි වුවත්, රජයටට පසුව දරන්නට වෙන බොහොමයක් වියදම් මේ නිසා අඩු කරගත හැකියි.

  2. December 10, 2009 at 12:22 pm

    රජීන්
    ඔබගේ මෙම අදහස් ටික ඉතා වැදගත්. ඇත්තටම අද වන විට ලංකාවේ අධයාපන ක්ෂේත්‍්ටයේ ඉහළ තැන්වල ඉන්නේ පැරණි වයස ගිය හැට පැන්න අය. ඒ අය තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් නෑ. පරණ දේම තමා දෙන්න හදන්න්. ඉතිං මේක වෙනස් කරන්න රජය පැත්තෙන් ලොකු මැදිහත් වීමක් අවශ්යේයි. මම හිතනව අද වන විට ලංකාවේ ග්රාජමීය ප්රුදේශ වල තොරතුරු තාක්සනය ඉතා ඉහළ මට්ටමක පවතිනව කියලා.
    ඔබට ස්තුතියි
    මිට ලන්සකාරමෙම
    වෙබ් අඩවි බලන්න
    http://www.wayambalanka.org
    http://www.nikawewa.sch.lk
    http://www.evillage.lk

  3. December 10, 2009 at 12:43 pm

    ඒක ඇත්ත ඔය ගැන බලධාරීන් ඔයිට වඩා අවධානය යොමුකරනවානම් තමයි වැඩක් වෙන්නේ. pirated software copy තහනම් කරන්න කලින් ලෙඩේට මුල මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. පාසල් මට්ටමින් FOSS ප්‍රචලිත කිරීමට පටන් ගත යුතුයි.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: