Home > Other > Light weight, Portable operating system : SLAX

Light weight, Portable operating system : SLAX

December 13, 2009 Leave a comment Go to comments

අපිට ඉතා අඩු performance සහිත පරිගණකයක වුවත් ධාවනය කල හැකි portable මෙහෙයුම් පද්ධතියක් ගැන තමයි අද කියන්න යන්නේ. මේක free & open source. නම තමයි slax. මේ මෙහෙයුම් පද්ධතියට 200 MB වගේ සුළු ඉඩක් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත්, මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන පහසුකම් නම් හුගාක් තියෙනවා. මූලිකව අපිට මෙහෙයුම් පද්ධතිය සමග අවශ්‍ය වෙන මෘදුකාංග ගනනාවක් මේ තුළට ඇතුලත් කර තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය CD එකක හෝ pen drive එකක සිට ධාවනය කල හැකියි. මෙම මෙහෙයුම් පද්ධතියේ පහත මෘදුකාංග සහ තවත් මෘදුකාංග ගනනාවක් ඇතුලත් කරලා තියෙනවා.

  • X-Window system
  • KDE desktop with K-Office (Word processor, Spread Sheet & Presentation)
  • PDF Viewer
  • Internet browsing (Firefox)
  • E-Mail
  • Instant messaging
  • CD/DVD burning (K3B) and ripping
  • Audio and Video encoding
  • Multimedia players

අනිත් දේ තමයි, මෙ‍හි multimedia format ගනනාවක් කිසිදු ගැටළුවක් ‍නැතිව play කරන්න පුළුවන්. මේ මෙහෙයුම් පද්ධතියේ වෙබ් අඩවියේ තියෙන ෆයිල් කීපයක් අධ්‍යනය කලා නම්, අපිට අවශ්‍ය විදියට මේ මෙහෙයුම් පද්ධතිය customize කරගන්න අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්. මම try කරපු පරිගණකයේ නම් drivers ගැනත් කිසිදු ගැටළුවක් ආවේ නෑ.

ඔයාලත් try කරලා බලන්න. මමත් මේ ගැන තවම අත්හදා බැලීමේ මට්ටමේ ඉන්නේ. ඒ නිසා වැඩි විස්තර මොනව හරි තියෙනවා නම් comment කරන්න. මෙන්න link එක. Download කරගන්න.

Advertisements
  1. December 13, 2009 at 10:32 am

    මමත් ඔය ගැන කාලෙකට කලින් ලිපියක් ලිව්වා.
    USB pen එකක දාගෙන වැඩකරන්න නං හොඳ OS එකක්. සිංහල යුනිකෝඩ් rendering පවා හොඳට තිබුනා.
    මට දැනිච්ච දෙයක් තමයි Firefox වලට ලෝඩ් එක වැඩිවෙච්ච ගමන් ඒක close උනා. මේ අවුල දැං හදලද දන්නෙ නෑ.

  2. niranjana
    December 14, 2009 at 3:02 pm

    thanx rajee

  3. sujith
    December 17, 2009 at 9:23 am

    thanx rajee great work… you done ….

  4. December 19, 2009 at 9:07 pm

    මමත් මේක පාවිච්චි කරනව. මගෙ පෙන් එකේ හැම වෙලේම slax තියෙනව, හදිස්සි ඕනෙම වෙලාවක ගන්න පුළුවන්. මාරම user friendly. හැබැයි පොඩ්ඩක් වගේ slow, පෙන් එකෙන් රන් කරන නිසා වෙන්නැති, ඒත් ඒක දැනෙන්නෙ නෑ.

  5. March 7, 2010 at 11:33 am

    මාත් දාල බැලුව. අප්පේ සිරියාවයි. මෙච්චර ඇබිංදං ඉඩක මේ සේරෝම ජාති දුවන්‍‍ඩ ඇහැකි ආකාරෙට සැට්කොරල තියන එකනොවැ අරැමෙ. ඒ මදිව‍‍ට මේන් බොලේ දාපු පිටම සද්දෙත් ආපි ආයෙ අමුතුවෙන් සද්දෙ දානන උවමනත් නෑනොවැ. ඇම් ඇස් ඔපීසියෙ ලියුන් නඩදහි වල රාජකාරි ඒත් එක්ක අනේකවිද ජාතිවල බ‍යිස්කෝප් ඇම් පී හතර ව‍ගේ ඒවත් දාපු ගමන් පේනවනොවැ. අනේ අයු‍බොවන්ඩ එක පරහක් තියනව අපෙ ගෙදර උන්දැ‍ට මූණපොත අර පේස් බුක් යන්න මේ මොබිටොල් ‍‍ෙඩාන්ගලෙන් ඉන්ටැර්නෙට් යන්න බෑ නොවැ. අනෙ අයු‍බොවන්ඩ ඩිංගක් බැලුවනං….

  6. ඩිංගිරිය
    March 22, 2010 at 11:36 am

    මමත් ටිකක් මේ ගැන විපරං ‍කොලා…. මේං මේවත් ඩිංගක් බැලුවනං..

    http://www.geexbox.org/en/index.html
    http://sidux.com/
    http://www.sysresccd.org/Main_Page
    http://berry.sourceforge.jp/
    http://phantomix.ytternhagen.de/
    http://www.reactos.org/en/index.html

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: