Home > තොරතුරැ, Other > Open source software, ලංකාවේ අපි සහ රාජ්‍ය ආයතනයන්හි පරිගණක.

Open source software, ලංකාවේ අපි සහ රාජ්‍ය ආයතනයන්හි පරිගණක.


හුග දවසකින් මොනවත්ම ලියන්න බැරි උනා. මොකද මේ දවස් වල පොඩි අළුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. තව ටික දවසකින් කියන්නම් ඒක මොකක්ද කියලා. ලංකාවේ අධ්‍යාපනය හදාරන සිසුන්ට වැදගත් වන සේවාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්න තමයි සැලසුම් කරන්නේ. ඒ ගැන පස්සේ කියන්නම්. දැන් ලියන්න හදන්නේ පසුගිය දවස් වල හිතුන අදහස් ටිකක්.

මෑත අතීතයේ පටන් සමස්ථ ලංකාවේම විවෘත මූලංශ්‍ර මෘදුකාංග පිළිබදව උනන්දුව වැඩි වී ඇති බව පේන්න තියෙන දෙයක්. මේ සදහා අළුතින් පනවපු නීති ක්‍රියාත්මක කිරීමත් බලපාලා තියෙනවා. දැන් unity එකේ රු. 80 ට මෘදුකාංග ගන්න නෑ. ඒ වගේම පේමන්ට් එකේ මෘදුකාංග වෙළදාම හුගාක් අඩු වෙලා. මේකත් මෙම විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතාව වැඩි වෙන්න හේතු වෙලා තියෙනවා.

අනිත දැන් විජය පරිගණක වගේ සගරා වලත් විවෘත මෘදුකාංග පිළිබදව ලිපි පෙළක් යනවා. ඒකත් සිසුන්ට ලොකු දෙයක්. ඒ වගේම පරිගණක වෙළද ආයතනත් තමා අළෙවි කරන පරිගණක සමග Ubuntu වැනි මෙහෙයුම් පද්ධති තමයි දැන් ලබා දෙන්නේ.

ඒ වගේම Lankanet ආයතනය, ඩනිෂ්ක (හන්තාන ලිනක්ස්), Lanka Linux User Group, සිංහලෙන් FOSS සහ තවත් එකී නොකී බොහෝ පුද්ගලයින් සහ ආයතන වල කැපවීම හා දායකත්වය මේ සදහා ලොකු රුකුලක් වෙලා තියෙනවා. මේ කිව්වේ ටික දෙනෙක් විතරයි. මේ සදහා කැපවූ දායක වූ ආයතන හා පුද්ගලයන් බොහොමයි.

දැනට ලංකා රාජ්‍ය ජාල (LGN) ව්‍යාපෘතිය මගින් ලබා දී ඇති පරිගණක හැරුණු කොට රාජ්‍ය ආයතනයන්හි ඇති පරිගණක වලින් අති බහුතරයක ඇත්තේ නීත්‍යානුකූල මෘදුකාංග නොවේ. එසේම රාජ්‍ය සේවකයින්ගේ පරිගණක පිළිබදව දැනුමද ඉතාම ඉහල මට්ටමක පවතී යැයි අපට උදම් ඇනිය හැකි නොවේ. බොහෝ රාජ්‍ය සේවකයින් තුළ (සියල්ලක්ම නොවේ) ඇත්තේ සාමාන්‍යයෙන් කාර්යාල මෘදුකාංග වලින් වැඩක් කර ගැනීමට තරම් වූ දැනුමකි. ඒ දැනුමද ඇත්තේ MS Office මෘදුකාංග කට්ටලය පිළිබදවයි.

මෙසේ වූ රාජ්‍ය අංශයේ පරිගණක වල භාවිතාව වෙනස් කල යුතු කාලය එලඹ ඇත. එනම්, එක්කෝ මෙම නීත්‍යානුකූල නොවූ මෘදුකාංග වෙනුවට නීත්‍යානුකූල මෘදුකාංග මිලදී ගත යුතුය. නැත්නම්, විවෘත මෘදුකාංග වෙත මාරු විය යුතුය. එසේම, විවෘත මෘදුකාංග වෙත මාරු වන්නේ නම්, රාජ්‍ය සේවකයින් ඒ පිළිබදව දැනුවත් කිරීමද කල යුතුය.

කෙසේ හෝ ICTA ආයතනය මේ සදහා එක් වැදගත් පියවරක් තබා තිබේ. ඒ ලංකා රාජ්‍ය ජාල නිලධාරීන් පුහුණු කිරීම් තුළින් විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිලිබදව පුහුණුවීම් ලබා දීමය. ඒ තුළින් Open office, Thunderbird වැනි මෘදුකාංග භාවිතාව පිළිබදව දැනුම ලබා දේ. මේ සදහා වූ නැඹුරුව සිදු වූයේද අහම්බෙන් නොවේ. ලංකා රාජ්‍ය ජාල පරිගණක සදහා ඔවුන් මිලදී ගනු ලැබුවේ MS office standard edition එකයි. ඒ තුළ Access නැත. රජයේ ක්‍රියාත්මක සමහර මෘදුකාංග භාවිතයේදී මේ නිසා ගැටළු පැන නැගුනි. නමුත් අප විසින් මේ සදහා open office ඉතාමත් සාර්ථකව භාවිතා කල හැකි බව ICTA ආයතනයට පෙන්වා දුන්නා. ඉන් පසුවයි ඔවුන් රාජ්‍ය අංශය සදහා විවෘත මෘදුකාංග භාවිතයට නැඹුරු වූයේ.

කෙසේ හෝ මෙය ඉතාමත් අගය කල යුතු ප්‍රවණතාවයක්. මේක පොඩි ආරම්භයක් පමණයි. දැනට රාජ්‍ය අංශයේ පරිගණක වල ඇති නීත්‍යානුකූල නොවන මෘදුකාංග වෙනුවට, විවෘත මෘදුකාංග වෙත මාරු වීමද මේ සමගම කල යුතු බවයි මාගේ හැගීම.

කොහොම උනත් අවසානයට කියන්න තියෙන්නේ ඔහොම යමු … ඔහොම යමු … ” කියලා තමයි.

Advertisements
  1. March 5, 2010 at 6:15 pm

    “බොහෝ රාජ්‍ය සේවකයින් තුළ (සියල්ලක්ම නොවේ) ඇත්තේ සාමාන්‍යයෙන් කාර්යාල මෘදුකාංග වලින් වැඩක් කර ගැනීමට තරම් වූ දැනුමකි. ඒ දැනුමද ඇත්තේ MS Office මෘදුකාංග කට්ටලය පිළිබදවයි”
    මේ කතාවනං සහතික ඇත්ත, අනිත් කාරනේ නම් මේ අය MS Office උනත් තමන් ඉගෙනගතත් සංසකරණය MS Office 2003 මත පමනයි වැඩකරන්න දන්නෙත් 😀
    (ඇත්ත සිද්දියක් ඇසුරින් වෙච්ච දෙයක් 😀 )
    මුලින්ම ඇහුවම කීවේ අහවල් (රාජ්‍ය) ආයතනයේ පරිගණක උපදේෂිකාවක් (බර කරල කීවෙ 😉 ) කියලා
    2007 එහෙම දුන්නම උඩබලාගෙන ඉන්නවා ඉඳලා අපිටනං තිබ්බේ මේක නෙවෙයි 2003 කියපි
    ඔන්න ඕකයි රජයේ සේවකයන්ගේ පරිගණක සාක්ෂරතාව

  2. March 5, 2010 at 9:17 pm

    OpenOffice ගැන මිනිස්සුන්ට කියාදෙන්න ඕන ICTA එකට ඒක උගන්වන්න ඔබට සිදුවීම පිළිබඳ මට කණගාටුයි. මගේ නම් හැඟීම දැනට සේවයේ ඉන්න මැදිවියේ රාජ්‍ය නිලධාරීන්ට පරිගණක තාක්‍ෂණය ඉගැන්වීමට වෙහෙසීමෙ ඵලක් නැති බවයි. මොකද නානාප්‍රකාර පුහුණුවලට සහභාගී වුනත් මේ අය ඒ පිළිබඳව විධිමත් දැනුමක් ලබා නොගන්නා බවත්, ලබාගන්නා දේ වුනත් භාවිතා වෙන්නේ දුර්වල මට්ටමින් බවත් මම අත්දැකීමෙන් දන්නවා.

    හොඳම දේ, රාජ්‍ය සේවාවට අලුතින් එකතු වන තරුණ පරපුරට පරිගණක සාක්‍ෂරතාව ලබාදීමයි. මේ අයට අයන්නේ සිට පටන් ගන්න වෙයි කියලා මම හිතන්නේ නෑ.

  3. March 6, 2010 at 4:00 pm

    @බුධාජීව
    “මුලින්ම ඇහුවම කීවේ අහවල් (රාජ්‍ය) ආයතනයේ පරිගණක උපදේෂිකාවක් (බර කරල කීවෙ 😉 ) කියලා”
    මචං මම ඉහලින් කියලා තිබුනෙත් තරුණ පරපුරේ කෙනෙක් ගැන තමයි මේකෙදී හුඟාක් වෙලාවට වයස බලපානවා… ඒත් එක්කම ඔවුන්ව පුහුණු කරන්නේ එක රාමුවක් ඇතුලේ office ඉගෙන ගන්නවා මිසක් (ms office හොරකොපි) open office කියල එකක් තියනවද කියලවත් උගන්නනවද නම් දන්නෑ….

    • rajeenprasanna
      March 6, 2010 at 5:40 pm

      ඇත්තම තත්වය මේක තමයි. මම office 2003 තිබුන එකකට 2007 දාලා මටත් ඔය ප්‍රශ්නයම ආවා. පරණ මිනිස්සු පුහුණු කරන එකනම් හරිම අමාරු වැඩක්. අළුත් නිලධාරී ටිකටවත් හරි පුහුණුවක් දුන්නොත් ටිකක් හරි ගොඩ දාගන්න පුළුවන් වෙයි 🙂

    • March 6, 2010 at 7:14 pm

      මට හිතෙන්නේ මේ අය යම් පැකේජයක් පිළිබඳව ඉගන ගන්නේ පරිගණකය පිළිබඳ හරි වැටහීමක් නැතිව. ඒකයි මෙතන තියන ගැටළුව.

  4. දුෂාන්ත
    May 20, 2011 at 12:00 pm

    Open office වල ඇක්සස් පාවිච්චි කරන්නෙ කොහමඳ කියලා විස්තර කරලා දෙන්ත පුළුවන්නම් ලොකූ උදව්වක්…

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: