Home > තොරතුරැ, Features, Other, Software, Technology > Windows 7 vs Gnome, XFCE and LXDE (Linux Desktop Environments)

Windows 7 vs Gnome, XFCE and LXDE (Linux Desktop Environments)


Windows 7 , Gnome, XFCE and LXDE විසින් අපගේ පරිගණකයේ සම්පත් භාවිතා කිරීම පිළිබදව පොඩි සංසන්දනය කිරීමක් ගැන අවධානය යොමු කරමු.

මෙහෙයුම් පද්ධතියක Kernel එකක් යනු අපගේ ශරීරය වැනි දෙයකි. Desktop Environment යනු අප අදින ඇදුමක් වැනියි. ලොව ජනප්‍රියම මෙහෙයුම් පද්ධති වර්ග දෙක සංසන්දනය කිරීමේදී Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධතිය යනු ශරීරය සමග ඇදුමක්ද අන්දවා එවන එකකි. අපට අවශ්‍ය පරිදි ඇදුම් වෙනස් කල නොහැක. එනම්, Windows මෙහෙයුම් පද්ධතියේ Desktop Environment එක අපට වෙනස් කල නොහැක.

Ubuntu වැනි Linux මෙහෙයුම් පද්ධති වල තත්ත්වය මීට වඩා වෙනස් වේ. ඒ සදහා අපට අවශ්‍ය ඇදුමක් අන්දවා ගත හැකි වේ. අපට අවශ්‍ය පරිදි මෙම ඇදුම වෙනස් කල හැකිය. එහිදී ලස්සන ඇදුම්, සරල ඇදුම්, සාමාන්‍ය ඇදුම් ආදී විවිධ ඇදුම් ඇත. තේරෙන භාෂාවෙන් කියනවා නම්, අපට අවශ්‍ය පරිදි Desktop Environment එක වෙනස් කල හැකි වේ. KDE හෙවත් K Desktop Environment යනු ලස්සන ඇදුමකි. එසේම ඒ ඇදුම ඇන්දවීමට පරිගණකයේ වැඩි සම්පත් ප්‍රමාණයක් තිබිය යුතුය. Gnome යනු සාමාන්‍ය ඇදුමකි. KDE තරම් ලස්සන නැත. නමුත්, වැඩක් කර ගැනීමට අවශ්‍ය තරම් ලස්සන ඇත. මධ්‍යම ප්‍රතිපදාවේ ඇදුමකි. වැඩි සම්පත් නැති පරිගණක සදහා XFCE හෝ LXDE වැනි ඇදුමක් ගැලපේ. එසේ වුවත්, අවශ්‍ය වැඩක් කර ගැනීමට අවශ්‍ය සියළු සම්පත් වලින් සමන්විත වේ. වැදගත්ම දේ වන්නේ මේ මොන ඇදුම ඇන්දවූවත් ශරීරය එකම ශරීරයක් වීමයි. එනම් එකම Kernel එක සදහා මේ Desktop Environment අවශ්‍ය එකක් භාවිතා කල හැකි වීමයි.

Windows 7

මෙහිදී මගේ පරිගණකයේ windows 7 විසින් භාවිතා කල සම්පත් ගැන අවධානය යොමු කරමු. එහිදී සාමාන්‍ය භාවිතයේදී CPU Usage 11% වන අතර, RAM වලින් 736 MB මෙහෙයුම් පද්ධතිය මගින් පරිභෝජනය කරයි. අපිට වැඩක් කිරීමට ඉතිරි වන්නේ ඉතා අඩු ප්‍රමාණයකි.

KDE

KDE සාමාන්‍යයෙන් ඉතා අලංකාර ලෙස සකස් කරල තියෙන Desktop Environment එකක්. ඒ වගේම මේක භාවිතා කරන පරිගණකයේ සම්පත් ප්‍රමාණයත් අනිත් Linux DE සමග සාපේෂව බැලුවම වැඩියි. (හැබැයි windows සමග සන්සන්දනය කිරීමේදී ඉතාම අඩුයි. සාමාන්‍යයෙන් RAM 220 MB පමණ)

Gnome


Gnome දෙස අවධානය යොමු කිරීමේදී CPU භාවිතය සාමාන්‍යයෙන් 7.8% වන අතර, RAM භාවිතය 208.1 MB වැනි ප්‍රමාණයකි. එනම්, windows 7 භාවිතා කල RAM වලින් 1/3 කටත් වඩා අඩු ප්‍රමාණයකි.

Xfce

Xfce ගැන බැලීමේදී CPU භාවිතය 5.6% තරම් අඩු ප්‍රමාණයක් වන අතර, RAM භාවිතය 197.5 MB වැනි ඉතා අඩු ප්‍රමාණයකි.

LXDE

LXDE ගැන බැලීමේදී CPU භාවිතය 5.95% තරම් අඩු ප්‍රමාණයක් වන අතර, RAM භාවිතය 171.5 MB වැනි ඉතා අඩු ප්‍රමාණයකි. මෙහි තේමාව වන්නේද Light Weight Desktop Environment යන්නයි.

මේ සංඛ්‍යාලේඛන මාගේ පරිගණකයට අදාලවයි. මේ අනුව ඔබ විසින් ඔබගේ පරිගණකයට අදාලව භාවිතා කල යුතු මෙහෙයුම් පද්ධතිය කුමක්ද යන්න ගැන මෙන්ම Desktop Environment කුමක්ද යන්න ගැනත් අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. මමනම් බුදුහාමුදුරුවොත් කියල තියෙන විදියට මධ්‍යම ප්‍රතිපදාව හොදයි කියල හිතුන නිසා Gnome භාවිතා කරනවා. ඔබට අවශ්‍ය නම් මේ Desktop Environment තුනම දාලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය එකක් තෝරාගෙන වැඩ කල හැකියි. තවත් Desktop Environment නම් ගොඩාත් තියෙනවා. මෙතන විස්තර කරන්නත් බැරි තරම්. ඒ ගැන පස්සේ වෙලාවක බලමු. මම මෙතන ලිව්වේ මම test කරලා බලපු ඒවා විතරයි.

  1. krishan
    April 13, 2010 at 9:32 pm

    vga card eka nathuwada?

    • rajeenprasanna
      April 19, 2010 at 12:20 pm

      VGA card ekath ekka. (On board) 🙂

  2. hera
    April 13, 2010 at 11:07 pm

    I am herath and I am a Windows addict. (&)

  3. රංගන
    April 14, 2010 at 7:37 am

    නියෙමට වැඩෙ කරලා තියෙනවා‍‍‍‍…

  4. April 14, 2010 at 10:45 pm

    හොඳ ලිපියක්.

    Linux මත ප්‍රධාන ධාරාවේ DEs වෙන්නේ GNOME සහ KDE, මේ දෙක අතරේ තෝරා ගැනීම් සිදුවන්නේ පෞද්ගලික රුචිකත්වය මත. Compiz හා Emerald වැනි මෘදුකාංග භාවිතයෙන් GNOME පාරිසරිකයත් eye-candy rich කරගන්න පුළුවන්. XFCE සහ LXDE දෙවන පෙළ.

    ඇඳුම් මාරු කරන ලෙස DEs මාරු කළ හැකි වුවත්, එහි එක් ප්‍රායෝගික බාධාවක් තියනවා. ඒ තමයි එකම කාර්යය කිරීම සඳහා ඒ ඒ DEs වල භාවිතා වෙන වැඩසටහන් සියල්ලම අපේ පද්ධතිය මත ස්ථාපනය විම සහ සියළුම DE මත ඒවා ක්‍රියාකරන්නට පටන් ගැනීම.

    ඒ කියන්නේ, උදාහරණයක් විදියට Gnome හිදී Nautilus, KDE හිදී Dolphin, XFCE හිදී Thunar හා LXDE හිදී PCManFM යන මෘදුකාංග භාවිතා වෙනවා. පද්ධතිය මත මේවා ස්ථාපනය වුනාට පසු මේවා ක්‍රියාකරන්නේ තමන් අදාළ වන DE එක මත පමණක් නෙවෙයි. ඒ නිසා එකම කාර්යය සඳහා වන මෘදුකාංග ගණනාවක් පරිගණකය තුළ ස්ථාපනය වීම කරදරකාරියි.

    • rajeenprasanna
      April 19, 2010 at 12:40 pm

      ස්තුතියි බුධා … ඒ වගේම මේ හැම DEs ම දාගන්න එක කොහොමත් සාර්ථක නෑ. එහෙම DEs 2 ක් විතර දා ගත්තත් install වෙන්නේ නම් කුඩා MB ප්‍රමාණයක් නේද. මේවා තමන්ගේ පරිගණකයේ performance සහ තම රුචිකත්වය මත තමයි රදා පවතින්නේ 🙂 ඒ වගේම මේ DEs දාලා බලලා තමන්ට අවශ්‍ය එක තියෙද්දී ඉතුරු ඒවා remove කරන්න පුළුවන්. (අත්හදා බලන්න කැමති කෙනෙකුට …)

      • April 19, 2010 at 7:49 pm

        ඔවු, අනවශ්‍ය ඒවා අස්ථාපනය කරන්න පුළුවන් බව හැබෑව, බට් භාවිතා කරන කාලය තුළ ඒක මහත් හිසරදයක් වෙනවා.

        තවත් එකක්, GNOMEවල රටාවට අකමැති අය Xfce දාන එකේ තේරුමක් නෑ, මොකද Xfce ~= Lightweight GNOME.

  5. April 20, 2010 at 11:09 am

    හොද විමර්ශණයක්

    Sugar දාල බැලුවෙ නැද්ද ඩෙක්ස්ටොප් එකේ එක අකුරක් වත් නැති DE එකක්. ඕනම නම් ඔලුව අවුල් කරගන්නැතිව දාල බලන්න. පොඩ්ඩන්ට තියෙන DE එකක්.

    @බුදා
    මාත් දැකල තියෙනවා gnome සහ KDE වලට එක් කරන compiz ,xfce DE එකටත් අදාලව වැඩ කරනවා.

    • rajeenprasanna
      April 20, 2010 at 11:23 am

      ගයාන්,
      ප්‍රතිචාරයට ස්තුතියි. Sugar මම දාලා බැලුවා. හැබැයි දාපු සැනින් අයින් කලා. ඒක මට තනිකරම මඤ්ඥං. ඒක නිසා ඒ ගැන මොකුත් ලිව්වේ නෑ. මම මේ ගැන බැලුවේ DEs ගැන හොයල බලන්න පොඩි උනන්දුවක් ඇති උනා. ඒකයි.

    • April 20, 2010 at 1:57 pm

      @ගයාන් තාරක:
      ඒව විතරක් නෙවේ, හැම පැකේජ් එකම හැම DE එකේම වැඩ.

  6. May 2, 2010 at 12:23 am

    i like your articles, more win 7 article please….!

  1. January 2, 2011 at 8:04 pm

Leave a comment