Home > තොරතුරැ, Other > සැප්. 18 මෘදුකාංග නිදහස් දින වැඩසටහන කල් දැමීමට සිදුවීම පිළිබදව දැනුම් දීම.

සැප්. 18 මෘදුකාංග නිදහස් දින වැඩසටහන කල් දැමීමට සිදුවීම පිළිබදව දැනුම් දීම.

September 16, 2010 Leave a comment Go to comments

සැප්තැම්බර් 18 දින ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෘදුකාංග නිදහස් දින සම්මන්ත්‍රණය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දැමීමට සිදු උනා. මේ පිළිබදව ඔබ පත්වූ අපහසුතාවය සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

ඇත්තවශයෙන්ම මෙම මාසය මුල සිට අනපේක්ෂිතව සිදුවූ කරදර හේතුවෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සදහා වූ සංවිධාන කටයුතු සිදු කර ගැනීමට නොහැකි උනා. මා අසනීප වීම නිසා දින ගනනාවක් රෝහල් ගත වීමට සිදු වූ අතර, වෛද්‍යවරුන් විසින් ඇදට වී විවේක ගන්නා ලෙස උපදෙස් දී මා රෝහලෙන් මුදා හැරියා. ඒ අතර තුර අප නිවසේ කලක් රෝගීව සිටි අපගේ සීයා අභාවප්‍රාප්ත උනා. අවමගුල් කටයුතු පසුගිය දිනවල සිදු කල අතර, මතක බණ මෙම මස 18 දිනට යෙදී තිබෙනවා. මෙම සතියම එම අවමගුල් කටයුතු සදහා වැය කිරීමට මට සිදු උනා.

දිවා රෑ නිදි වරමින් එක දිගට මෙම කටයුතු සදහා කැපවීම හේතුවෙන් සම්මන්ත්‍රණය සදහා කාලය යෙදවීමට නොහැකි උනා. සාර්ථක වැඩසටහනක් සිදු කිරීම සදහා අවශ්‍ය පෙර සූදානමක් නොමැති නිසා මෙම වැඩසටහන කල් දැමීමට සිදු උනා.

කෙසේ නමුත්, ඉදිරි දිනයකදී මෙම වැඩසටහන නැවත හොද සංවිධානයකින් යුතුව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබදව ඔබ පත්වූ අපහසුකාවය පිළිබදව නැවත මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා.

  1. September 20, 2010 at 12:57 pm

    ඔබගේ සීයාගේ අභාවය පිළිබඳව මගේ සහ ලංකානෙට් ආයතනයේ සංවේගය ප්‍රකාශ කර සිටිමි.

  1. No trackbacks yet.

Leave a reply to Tharaka Weerasekara Cancel reply