Home > තොරතුරැ, Other, Technology > Free Online Exame අඩවිය සදහා ඔබගේ සහයෝගය අවශ්‍යයි.

Free Online Exame අඩවිය සදහා ඔබගේ සහයෝගය අවශ්‍යයි.

October 16, 2010 Leave a comment Go to comments

මම අළුත් වැඩක් පටන් ගත්තා. අන්තර්ජාලය තුළින් IT සහ වෙනත් විෂයන් වලට අදාල විභාග වල ආදර්ශ ප්‍රශ්න පත්‍ර සදහා නොමිලේ මුහුන දිය හැකි web site එකක් නිර්මාණය කිරීම. මෙහි මූලික වැඩකටයුතු අවසන් කර මගේ domain එක තුළ වූ sub domain එකක දැනට host කරලා තියෙනවා. පසුව ඩොමේනයක් අරගෙන මේ සදහාම park  කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

http://exame.rajeenprasanna.com

තුළින් මේ සදහා ප්‍රවේශ වෙන්න පුළුවන්. දැනට මම මෙහි ප්‍රශ්න පත්‍ර  02 ක් ඇතුලත් කර තිබෙනවා.

මේ සදහා තවත් ප්‍රශ්න පත්‍ර ඇතුලත් කර මෙහි අන්තර්ගතය වැඩිදියුණු කිරීම සදහා මට ඔබලාගේ සහයෝගය හා අදහස් අවශ්‍යයි. ඔබලා සතුව ඇති ප්‍රශ්න පත්‍ර අදාල පිළිතුරු (marking scheme) සමග ලබාදිය හැකිනම් විශාල උදව්වක්. ICDL, ICT, GIT හා 5 ශිෂත්වයට අදාල බහුවරණ ප්‍රශ්න පත්‍ර මුල් අදියරේදී මේ සදහා ඇතුලත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහි අන්තර්ගතය වැඩි දියුනු කිරීම සදහා ඔබලාගේ අදහස් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලනවා. මා සතුව දැනට O/L ICT සදහා වූ පසුගිය වසර 03 ක ප්‍රශ්න පත්‍ර ඇති අතර, එහි පිළිතුරු (marking scheme) සොයාගැනීමට නොහැකි වීම නිසා ඇතුලත් කිරීමට නොහැකි වී තිබෙනවා.

මෙවැනි අඩවියක් සකස් කර නොමිලේ මෙවැනි සේවාවක් ලබා දීම තුළින් ඉගෙනගන්නා ළමුන් සදහා විශාල සේවයක් ලබාදිය හැකි යැයි මම විශ්වාස කරනවා. O/L ICT ප්‍රශ්න පත්‍ර ඇතුලත් කිරීම තුළින් O/L මුහුන දෙන ළමුන්ට, පාසල් වලට මෙන්ම පංති සදහාද විභාගයට පෙර ළමුන් සදහා ඇගයීමක් සිදු කිරීම පහසු වෙනවා. ‍ඒ වගේම ICDL විභාගය සදහා වූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර පවා නොමිලේ සොයා ගැනීම ඉතාම අපහසු කරුණක්. මේ තුළින් එම දුෂ්කරතාවය මග හැරවීමට මම බලාපොරොත්තු වෙනවා. තවද, කුඩා ළමුන් පරිගණකය වෙත නැඹුරු වීම තුළ පාසල් වැඩ අතපසු වීම දෙමව්පියන්ට විශාල ගැටළුවක් වී තිබෙනවා. 5 ශිෂත්ව ප්‍රශ්න පත්‍ර මෙවැනි ක්‍රමයකට ලබා දීම තුළින් ළමුන් පරිගණකය තුළින්ම අධ්‍යාපනය වෙත නැඹුරු කල හැකියි.

මෙම ප්‍රශ්න පත්‍ර ටයිප් කිරීමත් විශාල කාලයක් ගතවන කාරණාවක්. ඉතින් ඔබ සතු ප්‍රශ්න පත්‍ර මෙම ප්‍රජා සත්කාරය සදහා ලබා දිය හැකිනම් මට පහත ලිපිනයට e-mail කරන්න. ඒ වගේම මෙම කරුණ පිළිබදව ඔබගේ අදහස් මට ඉතාමත් වටිනවා. ඒ නිසා ඔබලාගේ අදහස් ලබා දීමටත් අමතක කරන්න එපා.

rajeenprasanna@gmail.com

Advertisements
  1. දයියා
    October 16, 2010 at 10:54 pm

    ඉතාම වටිනා කාර්යයක් මම ඉතාම අගය කරනව. ඔබට අවශ්‍ය ICT marking scheme ලබා දීමට මම කටයුතු කරන්නම්.

  2. DUMINDU
    October 17, 2010 at 7:17 am

    Good Work………..

  3. pissa
    October 18, 2010 at 9:06 am

    apita owata welawak naha.

  4. October 18, 2010 at 3:04 pm

    ෙගඩක් ෙහාද වැඩක්, මම ලගත් ප්‍රශ්ණ පත්‍ර තියනව මම e-mail කරන්නම්.

  5. Kumara
    May 20, 2011 at 4:09 pm

    Good work… keep doing like this

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: