Archive

Archive for the ‘Features’ Category

Google + සහ අන්තර්ජාලයේ අපේ හෙට දවස.

July 13, 2011 Leave a comment

Google සමාගමේ අළුත්ම සේවාව තමයි Google +

මටත් අද මේ සේවාව සක්‍රීය වෙලා තිබුනා. මෙතෙක් පර්යේෂණ මට්ටමේ තිබූ සේවාව දැන් සියළුම දෙනා සදහා සක්‍රීය කරලා වෙන්න ඕන. කොහොම හරි දවසක් පුරා මෙම Google + භාවිතා කරලා මටත් හිතුනා මේ ගැන පොඩි සටහනක් තියන්න.

‍මුලින්ම කියන්න තියෙන්නේ මේ යන විදියට නුදුරු අනාගතයේදීම “ internet නම් Google. Google නම් internet. ” කියන තත්වයට පත්වෙයි වගේ. පසුගිය කාලය දිහා බැලුවම ජනතාවට වඩාත් සංවේදී වන සියළුම අන්තර්ජාල සේවාවන් Google සමාගම තම ග්‍රහණයට අරගෙන වගේ.

ආරම්භයේදී මගේ e-mail accounts සේවාවන් 3 ක භාවිතා කලා. ඒ තමයි Gmail, Yahoo සහ Hotmail. මේ අවසාන සේවාවන් දෙකත් එක්ක සැසදීමේදී Gmail සේවාව තමයි දැන්වීම් අඩුම හා අඩුම කාලයක් හා ඉතා සරල මෙන්ම ප්‍රියමනාප interface එකක් සහිත  e-mail සේවාව වුනේ. ඒ නිසා අනෙක් mail දෙක කාලයත් සමග අභාවයට ගිහින් Gmail භාවිතය ඉහල ගියා. Read more…

පරණ පරිගණක වලට නැවත පණ දෙන්න LTSP (Linux Terminal Server Project)

June 15, 2010 25 comments

Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.

මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය තුළ ප්‍රධාන පරිගණක වර්ග 02 ක් තියෙනවා.

  • Server PC එකක් ( P4 එකක් 🙂 )
  • Terminal Pc’s (P1 හෝ P2 වගේ ඒවා) Read more…

Windows 7 vs Gnome, XFCE and LXDE (Linux Desktop Environments)

April 13, 2010 14 comments

Windows 7 , Gnome, XFCE and LXDE විසින් අපගේ පරිගණකයේ සම්පත් භාවිතා කිරීම පිළිබදව පොඩි සංසන්දනය කිරීමක් ගැන අවධානය යොමු කරමු.

මෙහෙයුම් පද්ධතියක Kernel එකක් යනු අපගේ ශරීරය වැනි දෙයකි. Desktop Environment යනු අප අදින ඇදුමක් වැනියි. ලොව ජනප්‍රියම මෙහෙයුම් පද්ධති වර්ග දෙක සංසන්දනය කිරීමේදී Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධතිය යනු ශරීරය සමග ඇදුමක්ද අන්දවා එවන එකකි. අපට අවශ්‍ය පරිදි ඇදුම් වෙනස් කල නොහැක. එනම්, Windows මෙහෙයුම් පද්ධතියේ Desktop Environment එක අපට වෙනස් කල නොහැක.

Ubuntu වැනි Linux මෙහෙයුම් පද්ධති වල තත්ත්වය මීට වඩා වෙනස් වේ. ඒ සදහා අපට අවශ්‍ය ඇදුමක් අන්දවා ගත හැකි වේ. අපට අවශ්‍ය පරිදි මෙම ඇදුම වෙනස් කල හැකිය. එහිදී ලස්සන ඇදුම්, සරල ඇදුම්, සාමාන්‍ය ඇදුම් ආදී විවිධ ඇදුම් ඇත. තේරෙන භාෂාවෙන් කියනවා නම්, අපට අවශ්‍ය පරිදි Desktop Environment එක වෙනස් කල හැකි වේ. Read more…

බ්ලොග් අඩවි සහ බ්ලොග් කියවනයන් (සින්ඩිකේටර්ස්)

March 5, 2010 12 comments

බ්ලොග් ලිවීම දැන් ලංකාවේ ඉතා ජනප්‍රිය ක්‍රියාවක් වෙලා. හුගාක් දෙනෙක් බ්ලොග් ලිවීමට නැඹුරුවෙලා තියෙනවා. ඒක හොද ප්‍රවණතාවයක්. ඒ වගේම මේ බ්ලොග් සින්ඩිකේට් කරන සින්ඩිකේටර් වල ක්‍රියාකාරීත්වයත් ඉහල ගිහින්.

අපි බ්ලොග් එකක් ආරම්භ කල පසු එන ලොකුම ගැටළුව තමයි ඒ වටා බ්ලොග් කියවන්නන් පිරිසක් රැස් කර ගැනීම. ඒ සදහා මේ බ්ලොග් කියවනයන් (සින්ඩිකේටර්ස්) ලොකු දායකත්වයක් දෙනවා. මුලදී නම් මමත් දැනගෙන හිටියේ සිංහල බ්ලොග් කියවනය ගැන විතරයි. නමුත්, දැන් මම දන්නා බ්ලොග් කියවනයන් 04 ක් තියෙනවා. මේ අය මෙම සේවාව සිදු කරන්නේ නොමිලේ. බ්ලොග් ලියන අය විදියට අපි මේ සේවාවන් පවත්වාගෙන යන අයට ස්තුතිවන්ත වෙන්න ඕන තම කාලය, මුදල් හා ශ්‍රමය කැප කරමින් මේ කරන සේවයට.

Read more…

Google Buzz

February 11, 2010 2 comments

අද උදේ මම mail එක check කරන්න හදද්දී google එකෙන් pop-up එකක් ආවා. ඒ තමයි Google Buzz. මුලදී නම් මේ මොකක්ද කියලා හරි තේරුමක් තිබුනේ නෑ. කොහොම උනත් මම මේක accept කලා. වැඩකට නැති දෙයක් නම් පස්සේ අයින් කරන්න පුළුවන් කියලා.

පස්සේ තමයි තේරුනේ මේක මේ twitter වගේ එකක් කියලා. අපිට මේ මගින් වෙනත් අය follow කරන්න පුළුවන්. ඒ වගේම අපේ තොරතුරු, photo, video වගේ දේවල් අපි follow කරන අනිත් අය එක්ක share කරගන්නත් පුළුවන්.

අපිට මෙතනදී follow කරන්න පුළුවන් අපේ contact වල ඉන්න අය විතරක් නෙමෙයි. ඊට අමතරව මේ තුළට site එක් කිරීමෙන් ඒ site follow කිරීමේ පහසුකමත් තියෙනවා. Twitter, flickr, blogspot.com, google reader, picasa වගේම google chat status එකත් අපිට මේ තුළට එකතු කරගන්න පුළුවන්. Read more…

Google wave ඕන කෙනෙක් ඉන්නවාද ?

December 29, 2009 23 comments

මටත් google wave ලැබුනා. ඔයාලටත් ඕනද? මම මීට මාස කීපයකට කලින් ඉල්ලීමක් දාලා තිබුනා. ඉතින් මටත් දැනට මාසයකට විතර කලින් තමයි wave ලැබුනේ. මට ඒ එක්කම invitation 8 ක් ලැබිලා තිබුනා. ඒවා යාළුවෝ අතර බෙදා දුන්නා. දැන් ආපහු invitation 24 ක් ඇවිත් තියෙනවා. ඔයාලටත් ඕනද? ඕනනම් මට mail address එක දෙන්න. Comment කරන්න. නැත්නම් මට mail කරන්න. rajeenprasanna@gmail.com

සැගවුනු බිත්තර : Easter Eggs

December 23, 2009 6 comments

Easter Eggs නැත්නම් සැගවුනු බිත්තර ගැන කවුරුත් දන්නවා ඇති. විවිධ මෘදුකාංග තුළ තියෙන, කෙලින්ම සොයාගන්න බැරි විවිධ ක්‍රියාකාරකම් මේ යටතට ගැනෙනවා. මේ Easter Eggs බලා ගන්න මෘදුකාංගයේ සෘජු පහසුකමක් ලබා දීලා නෑ. යම් Code එකක් හෝ key එකක් ලබා දීම මගින් හෝ කිසියම් ක්‍රමවත් ක්‍රියාවලියකින් පසුව තමයි මේවා බලාගන්න පුළුවන්.

ඉතින් මොනවද මේ කියන Easter Eggs? කොහොමද ඒවා බලාගන්නේ? මොන software වලද මේවා තියෙන්නේ? ප්‍රශ්න ගොඩක් නේද? මේවා සොයාගන්න web site එකක් තියෙනවා. ඒ අය කියන විදියට windows xp වල මේ Easter Eggs 14 ක් තියෙනවා. Ubuntu වල 3 ක් තියෙනවා. (ubuntu වල ඉතින් හංගපුවා නෑනේ 😛 )

operating system වල විතරක් නෙමෙයි application software වල වගේම movies වලත් මේ Easter Eggs තියෙනවා. මේ link එකෙන් ගිහින් බලන්න. වැඩි විස්තර මෙතන තියෙනවා.

Read more…

Ubuntu මතට KDE ස්ථාපනය කරමු.

November 30, 2009 2 comments

අපි Ubuntu install කරද්දී ලැබෙන Desktop environment එක තමයි Gnome. ඇත්තටම අපිට පුළුවන් අවශ්‍ය නම් Ubuntu මතටම Kubuntu වලදී ලැබෙන, එනම් KDE (K Desktop Environment) එක ස්ථාපනය කර ගන්න. එතකොට ඔයාලගේ Desktop එක ලැබෙන්නේ මෙන්න මේ විදියට.

Read more…

7 Zip වලින් File Compress කරමු !

November 19, 2009 3 comments

අපි windows වලදී වැඩිපුරම File Compress කරන්න පාවිච්චි කරන්නේ winzip නැත්නම් winRAR. මේ මෘදුකාංග දෙකම වානිජ මෘදුකාංග. නොමිලේ දෙන ඒවා නෙමෙයි. මම අද මේ කියන්න යන්නේ නොමිලේ භාවිතා කරන්න පුළුවන් File Compress කරන මෘදුකාංගයක් ගැන. ඒ තමයි 7 Zip. මගේ අත්දැකීම නම් මේ මගින් winzip නැත්නම් winRAR වලට වඩා වැඩි Compress එකක් ලබා ගන්න පුළුවන්. අනිත් එක File වර්ග ගනනාවක් මේ තුළ විවෘත කිරීමේ පහසුකමත් තියෙනවා. අනිත් එක මේ මෘදුකාංගයේ portable version එකකුත් තියෙනවා. Read more…

ඔබගේ බ්ලොක් අඩවිය සදහා නොමිලේ ඩොමේන් එකක් !

November 4, 2009 10 comments

ඔබගේ ඕනෑම බ්ලොග් අඩවියක් සදහා (wordpress / blogger / …any other…) නොමිලේ ඩොමේන් එකක් ගන්න හැටි තමයි අද කියන්න හදන්නේ. මම මගේ බ්ලොග් එක හදලා තියෙන්නේ wordpress මත. ඉතින් මම ගත්තා .CO.CC ඩොමේන් එකක්. http://www.rajeen.co.cc/ මෙහෙමයි ගන්නේ

Read more…