Archive

Archive for the ‘Software’ Category

Open Office.org නිදහස ලැබීම. (Libre Office)

September 29, 2010 Leave a comment

Sun Microsystems සමාගම Oracle සමාගම විසින් මිලදී ගැනීමෙත් සමග Sun සමාගම විසින් open-source ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද OpenOffice.org – The Free and Open Productivity Suite Oracle සමාගම වෙත පැවරෙන ලද අතර, එම සමාගම විසින්ද අදාල ව්‍යාපෘතිය එම පදනමෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කරන ලදී.

ප්‍රජාව විසින් සංවර්ධනය කරන ලද නිදහස් හා විවෘත මෘදුකාගංයක් ලෙස (Open Office development community ) විසින් මෙම මෘදුකාංගය සංවර්ධනය විය. පසුව ක්‍රමයෙන් Oracle සමාගමේ යම් යම් ක්‍රියාවලීන් සමග Open Office development community විසින් එම මෘදුකාංගය document foundation නම් පදමනක් හරහා සංවර්ධය කිරීමට කටයුතු යොදා ඇත. එක් ආයතනයක් සතුව තිබීම නිසා ඇති විය හැකි බලපෑමෙන් නිදහස් වීමට සහ වඩාත් නිදහස් හා ප්‍රජාව මත පාදක වූ මෘදුකාංගයක් නිර්මාණය කිරීම සදහා මෙම පදනම බිහි කල බව ප්‍රකාශ වේ. Read more…

Software Freedom Day 2010 මෘදුකාංග නිදහස් දිනය 2010

August 17, 2010 6 comments

ජගත් විවෘත හා නිදහස් මෘදුකාංග සැමරීමේ දිනය වන මෘදුකාංග නිදහස් දිනය 2010 වසරේ සැප්තැම්බර් 18 දිනට යෙදී ඇත. http://softwarefreedomday.org/ මේ සදහා ලෝකයේ රටවල් 100 කණ්ඩායම් 800 කට අධික පිරිසක් විවිධ වැඩසටහන් පවත්වති. ඒ අනුව එක් වැඩසටහනක් ඇඹිලිපිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලංකාව නිත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතා කරන ලෝකයේ රටවල් අතුරින් ඉතා ඉහල ස්ථානයක සිටින අතර, මෑත කාලයක සිට මෙම නිත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට රජය ආරම්භ කර ඇත. ඒ අනුව නව නීති කෙටුම්පත් කර, නව පනත් කීපයක් සම්මත කර ඇති අතර, ඒ අනුව මෙසේ මෘදුකාංග අලෙවි කරන්නන් හා භාවිතා කරන්නන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරගෙන යනු ලබයි.

මෙම නීත්‍යානුකූල නොවන මෘදුකාංග වෙනුවට, නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතා කිරීමේ පහසුකම් ඇති අතර, ඒ සදහා කිසිදු මුදලක් වැය කල යුතු නොවේ. මේ පිළිබදව අදාල මගපෙන්වීම් හා දැනුවත් කිරීම් සිදු කිරීම තුළින් ප්‍රජාව මේ සදහා යොමු කිරීම මෙම වැඩසටහන් මගින් අපේක්ෂා කෙරේ. Read more…

පරණ පරිගණක වලට නැවත පණ දෙන්න LTSP (Linux Terminal Server Project)

June 15, 2010 25 comments

Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.

මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය තුළ ප්‍රධාන පරිගණක වර්ග 02 ක් තියෙනවා.

  • Server PC එකක් ( P4 එකක් 🙂 )
  • Terminal Pc’s (P1 හෝ P2 වගේ ඒවා) Read more…

Windows 7 vs Gnome, XFCE and LXDE (Linux Desktop Environments)

April 13, 2010 14 comments

Windows 7 , Gnome, XFCE and LXDE විසින් අපගේ පරිගණකයේ සම්පත් භාවිතා කිරීම පිළිබදව පොඩි සංසන්දනය කිරීමක් ගැන අවධානය යොමු කරමු.

මෙහෙයුම් පද්ධතියක Kernel එකක් යනු අපගේ ශරීරය වැනි දෙයකි. Desktop Environment යනු අප අදින ඇදුමක් වැනියි. ලොව ජනප්‍රියම මෙහෙයුම් පද්ධති වර්ග දෙක සංසන්දනය කිරීමේදී Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධතිය යනු ශරීරය සමග ඇදුමක්ද අන්දවා එවන එකකි. අපට අවශ්‍ය පරිදි ඇදුම් වෙනස් කල නොහැක. එනම්, Windows මෙහෙයුම් පද්ධතියේ Desktop Environment එක අපට වෙනස් කල නොහැක.

Ubuntu වැනි Linux මෙහෙයුම් පද්ධති වල තත්ත්වය මීට වඩා වෙනස් වේ. ඒ සදහා අපට අවශ්‍ය ඇදුමක් අන්දවා ගත හැකි වේ. අපට අවශ්‍ය පරිදි මෙම ඇදුම වෙනස් කල හැකිය. එහිදී ලස්සන ඇදුම්, සරල ඇදුම්, සාමාන්‍ය ඇදුම් ආදී විවිධ ඇදුම් ඇත. තේරෙන භාෂාවෙන් කියනවා නම්, අපට අවශ්‍ය පරිදි Desktop Environment එක වෙනස් කල හැකි වේ. Read more…

මෘදුකාංග දේශීයකරණය වීම …

April 12, 2010 2 comments

රටක තොරතුරු තාක්ෂණ භාවිතය සංවර්ධනය කෙරෙහි මෘදුකාංග දේශීයකරණයද ඉතා වැදගත් කර්තව්‍යක් ඉටු කරනු ලබයි. තොරතුරු තාක්ෂණය ඉතා ඉහල තලයකින් භාවිතා කරන ජපානය, චීනය ආදී බොහෝ රටවල්ද තම මව් භාෂාවෙන් මෘදුකාංග භාවිතා කරනු ලබනවා. ශ්‍රී ලංකාවේද දැන් මෙම මෘදුකාංග දේශීයකරණය ප්‍රවණතාවයක් ලෙස ඉදිරියට පැමිණ තිබීම දක්නට ලැබෙන දෙයක්. ඇත්තටම මෙය ඉතාම හොද ප්‍රවණතාවයක්. Read more…

සැගවුනු බිත්තර : Easter Eggs

December 23, 2009 6 comments

Easter Eggs නැත්නම් සැගවුනු බිත්තර ගැන කවුරුත් දන්නවා ඇති. විවිධ මෘදුකාංග තුළ තියෙන, කෙලින්ම සොයාගන්න බැරි විවිධ ක්‍රියාකාරකම් මේ යටතට ගැනෙනවා. මේ Easter Eggs බලා ගන්න මෘදුකාංගයේ සෘජු පහසුකමක් ලබා දීලා නෑ. යම් Code එකක් හෝ key එකක් ලබා දීම මගින් හෝ කිසියම් ක්‍රමවත් ක්‍රියාවලියකින් පසුව තමයි මේවා බලාගන්න පුළුවන්.

ඉතින් මොනවද මේ කියන Easter Eggs? කොහොමද ඒවා බලාගන්නේ? මොන software වලද මේවා තියෙන්නේ? ප්‍රශ්න ගොඩක් නේද? මේවා සොයාගන්න web site එකක් තියෙනවා. ඒ අය කියන විදියට windows xp වල මේ Easter Eggs 14 ක් තියෙනවා. Ubuntu වල 3 ක් තියෙනවා. (ubuntu වල ඉතින් හංගපුවා නෑනේ 😛 )

operating system වල විතරක් නෙමෙයි application software වල වගේම movies වලත් මේ Easter Eggs තියෙනවා. මේ link එකෙන් ගිහින් බලන්න. වැඩි විස්තර මෙතන තියෙනවා.

Read more…

MS Office 2010 beta නිකුත් වෙයි.

December 21, 2009 Leave a comment

Microsoft සමාගමේ නවතම office සංස්කරණය වන Microsoft Office Professional Plus 2010 හි beta සංස්කරණය නිකුත් කර තිබෙනවා. ඔබටත් මෙහි beta සංස්කරණය අත්හදා බැලීම සදහා ලබාගත හැකියි.

Word, OneNote, InfoPath, PowerPoint, Access, SharePoint Workspace, Outlook, Publisher,Communicator සහ Excel යන මෘදුකාංග මෙහි ඇතුලත් කර තිබෙනවා.

මේක beta සංස්කරණයක් නිසා වැඩ කරන්න නෙමෙයි. අත්හදා බලන්න තමයි හොද. මොන මොන අවුල් තියෙනවාද දන්නේ නෑනේ.  🙂 Read more…

Ubuntu මතට KDE ස්ථාපනය කරමු.

November 30, 2009 2 comments

අපි Ubuntu install කරද්දී ලැබෙන Desktop environment එක තමයි Gnome. ඇත්තටම අපිට පුළුවන් අවශ්‍ය නම් Ubuntu මතටම Kubuntu වලදී ලැබෙන, එනම් KDE (K Desktop Environment) එක ස්ථාපනය කර ගන්න. එතකොට ඔයාලගේ Desktop එක ලැබෙන්නේ මෙන්න මේ විදියට.

Read more…

7 Zip වලින් File Compress කරමු !

November 19, 2009 3 comments

අපි windows වලදී වැඩිපුරම File Compress කරන්න පාවිච්චි කරන්නේ winzip නැත්නම් winRAR. මේ මෘදුකාංග දෙකම වානිජ මෘදුකාංග. නොමිලේ දෙන ඒවා නෙමෙයි. මම අද මේ කියන්න යන්නේ නොමිලේ භාවිතා කරන්න පුළුවන් File Compress කරන මෘදුකාංගයක් ගැන. ඒ තමයි 7 Zip. මගේ අත්දැකීම නම් මේ මගින් winzip නැත්නම් winRAR වලට වඩා වැඩි Compress එකක් ලබා ගන්න පුළුවන්. අනිත් එක File වර්ග ගනනාවක් මේ තුළ විවෘත කිරීමේ පහසුකමත් තියෙනවා. අනිත් එක මේ මෘදුකාංගයේ portable version එකකුත් තියෙනවා. Read more…

Windows 1.0 සිට Windows 7 දක්වා

October 23, 2009 9 comments

MS Windows භාවිතා කල සහ භාවිතා කරන අය බලන්න මේ windows කොතරම් දුරට ඔයාලට සමීපද කියලා. Windows 1.0 වල ඉදලා Windows 7 දක්වා ගමන් මග මෙතන තියෙනවා.

මගේ අත්දැකීම් නම් ආරම්භ වෙන්නේ Windows 3.11 වල ඉදන් තමයි.

මේ Windows දිහා බැලුවම හෙට දවසේ Windows මොන වගේ වේවිද කියලා හිතෙනවා.

Windows 1.0

Windows 1.0

Read more…