Google + සහ අන්තර්ජාලයේ අපේ හෙට දවස.

July 13, 2011 Leave a comment

Google සමාගමේ අළුත්ම සේවාව තමයි Google +

මටත් අද මේ සේවාව සක්‍රීය වෙලා තිබුනා. මෙතෙක් පර්යේෂණ මට්ටමේ තිබූ සේවාව දැන් සියළුම දෙනා සදහා සක්‍රීය කරලා වෙන්න ඕන. කොහොම හරි දවසක් පුරා මෙම Google + භාවිතා කරලා මටත් හිතුනා මේ ගැන පොඩි සටහනක් තියන්න.

‍මුලින්ම කියන්න තියෙන්නේ මේ යන විදියට නුදුරු අනාගතයේදීම “ internet නම් Google. Google නම් internet. ” කියන තත්වයට පත්වෙයි වගේ. පසුගිය කාලය දිහා බැලුවම ජනතාවට වඩාත් සංවේදී වන සියළුම අන්තර්ජාල සේවාවන් Google සමාගම තම ග්‍රහණයට අරගෙන වගේ.

ආරම්භයේදී මගේ e-mail accounts සේවාවන් 3 ක භාවිතා කලා. ඒ තමයි Gmail, Yahoo සහ Hotmail. මේ අවසාන සේවාවන් දෙකත් එක්ක සැසදීමේදී Gmail සේවාව තමයි දැන්වීම් අඩුම හා අඩුම කාලයක් හා ඉතා සරල මෙන්ම ප්‍රියමනාප interface එකක් සහිත  e-mail සේවාව වුනේ. ඒ නිසා අනෙක් mail දෙක කාලයත් සමග අභාවයට ගිහින් Gmail භාවිතය ඉහල ගියා. Read more…

සැරිසර උපනෙතක සොදුරු ඇසි දිසි මතක (www.apeurumaya.lk)

January 2, 2011 2 comments

 

ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම සුන්දර රටක්. මේ පුංචි රටේ සංචාරය කරන අපේ ඇස දුටු සුන්දර ස්ථානයන් අපමණයි. මේ ස්ථාන පිළිබදව කෙටි ඡායාරූපමය වාර්තාකරණයක් සමග එන මාගේ අළුත්ම වෙබ් අඩවිය තමයි “අපේ උරුමය“. මෙහි ඇති සියළු ස්ථාන මම පෞද්ගලිකව නරඹන ලද ස්ථානයන්. ඒ වගේම මෙහි සියළු ඡායාරූප මා විසින්ම ගන්නා ලද ඒවා. සාමාන්‍යයෙන් මම ගමනක් යන කොට කැමරාව අරගෙන යන එක පුරුද්දක්. ඉතින් එහෙම ගත්තු ඡායාරූප විශාල ප්‍රමාණයක් මගේ ලග තිබුනා. ඒ එක්කම ඒ ඒ ස්ථානයන් පිළිබදව වූ විස්තරත් මාගේ මතකයේ තියෙනවා. ඉතින් මම කල්පනා කලා මේ සුන්දර ස්ථාන පිළිබදව වෙබ් අඩවියක් ආරම්භ කරන්න. අපේ උරුමයන් පිළිබදව විස්තර සදහන් වන අඩවියක් නිසා මේ අඩවිය “අපේ උරුමය” නමින් නම් කලා. මේ සදහා තවත් ස්ථාන විශාල ප්‍රමාණයක් පිළිබදව විස්තර ලගදීම ඇතුලත් කරනවා. අළුත් විස්තර ඇතුලත් කල සැනින් බලාගන්න මෙහි RSS Feed ලබාගන්නත් පුළුවන්. ඒ වගේම මෙහි RSS Feed එක ලංකාවේ ජනප්‍රිය බ්ලොග් කියවනයන් කිහිපයකටත් ඇතුලත් කලා.

ඔයාලත් ඇවිත් බලන්න. හොද නරක කියන්න අමතක කරන්න එපා. මොකද ඒක මගේ ඉදිරි කටයුතු වලට ලොකු ධෛර්යක්.

www.apeurumaya.lk

Read more…

2010 මගේ බ්ලොග් කරණය පිළිබදව WordPress.com සාරාංශය

January 2, 2011 Leave a comment

මම අද mail open කරලා බලද්දී wordpress.com එකෙන් mail එකක් තිබුනා. ඒ mail එකේ තිබුනේ මගේ බ්ලොග් කරණය පසුගිය වසර පිළිබදව වූ සාරාංශයක්. මෙන්න මේ විදියට තමයි ඒ විස්තර සදහන් උනේ….

The stats helper monkeys at WordPress.com mulled over how this blog did in 2010, and here’s a high level summary of its overall blog health:

Healthy blog!

The Blog-Health-o-Meter™ reads Wow. Read more…

Free Online Exame අඩවිය සදහා ඔබගේ සහයෝගය අවශ්‍යයි.

October 16, 2010 5 comments

මම අළුත් වැඩක් පටන් ගත්තා. අන්තර්ජාලය තුළින් IT සහ වෙනත් විෂයන් වලට අදාල විභාග වල ආදර්ශ ප්‍රශ්න පත්‍ර සදහා නොමිලේ මුහුන දිය හැකි web site එකක් නිර්මාණය කිරීම. මෙහි මූලික වැඩකටයුතු අවසන් කර මගේ domain එක තුළ වූ sub domain එකක දැනට host කරලා තියෙනවා. පසුව ඩොමේනයක් අරගෙන මේ සදහාම park  කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

http://exame.rajeenprasanna.com

තුළින් මේ සදහා ප්‍රවේශ වෙන්න පුළුවන්. දැනට මම මෙහි ප්‍රශ්න පත්‍ර  02 ක් ඇතුලත් කර තිබෙනවා.

මේ සදහා තවත් ප්‍රශ්න පත්‍ර ඇතුලත් කර මෙහි අන්තර්ගතය වැඩිදියුණු කිරීම සදහා මට ඔබලාගේ සහයෝගය හා අදහස් අවශ්‍යයි. ඔබලා සතුව ඇති ප්‍රශ්න පත්‍ර අදාල පිළිතුරු (marking scheme) සමග ලබාදිය හැකිනම් විශාල උදව්වක්. Read more…

Open Office.org නිදහස ලැබීම. (Libre Office)

September 29, 2010 Leave a comment

Sun Microsystems සමාගම Oracle සමාගම විසින් මිලදී ගැනීමෙත් සමග Sun සමාගම විසින් open-source ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද OpenOffice.org – The Free and Open Productivity Suite Oracle සමාගම වෙත පැවරෙන ලද අතර, එම සමාගම විසින්ද අදාල ව්‍යාපෘතිය එම පදනමෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කරන ලදී.

ප්‍රජාව විසින් සංවර්ධනය කරන ලද නිදහස් හා විවෘත මෘදුකාගංයක් ලෙස (Open Office development community ) විසින් මෙම මෘදුකාංගය සංවර්ධනය විය. පසුව ක්‍රමයෙන් Oracle සමාගමේ යම් යම් ක්‍රියාවලීන් සමග Open Office development community විසින් එම මෘදුකාංගය document foundation නම් පදමනක් හරහා සංවර්ධය කිරීමට කටයුතු යොදා ඇත. එක් ආයතනයක් සතුව තිබීම නිසා ඇති විය හැකි බලපෑමෙන් නිදහස් වීමට සහ වඩාත් නිදහස් හා ප්‍රජාව මත පාදක වූ මෘදුකාංගයක් නිර්මාණය කිරීම සදහා මෙම පදනම බිහි කල බව ප්‍රකාශ වේ. Read more…

සැප්. 18 මෘදුකාංග නිදහස් දින වැඩසටහන කල් දැමීමට සිදුවීම පිළිබදව දැනුම් දීම.

September 16, 2010 1 comment

සැප්තැම්බර් 18 දින ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෘදුකාංග නිදහස් දින සම්මන්ත්‍රණය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දැමීමට සිදු උනා. මේ පිළිබදව ඔබ පත්වූ අපහසුතාවය සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

ඇත්තවශයෙන්ම මෙම මාසය මුල සිට අනපේක්ෂිතව සිදුවූ කරදර හේතුවෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සදහා වූ සංවිධාන කටයුතු සිදු කර ගැනීමට නොහැකි උනා. මා අසනීප වීම නිසා දින ගනනාවක් රෝහල් ගත වීමට සිදු වූ අතර, වෛද්‍යවරුන් විසින් ඇදට වී විවේක ගන්නා ලෙස උපදෙස් දී මා රෝහලෙන් මුදා හැරියා. ඒ අතර තුර අප නිවසේ කලක් රෝගීව සිටි අපගේ සීයා අභාවප්‍රාප්ත උනා. Read more…

Software Freedom Day 2010 මෘදුකාංග නිදහස් දිනය 2010

August 17, 2010 6 comments

ජගත් විවෘත හා නිදහස් මෘදුකාංග සැමරීමේ දිනය වන මෘදුකාංග නිදහස් දිනය 2010 වසරේ සැප්තැම්බර් 18 දිනට යෙදී ඇත. http://softwarefreedomday.org/ මේ සදහා ලෝකයේ රටවල් 100 කණ්ඩායම් 800 කට අධික පිරිසක් විවිධ වැඩසටහන් පවත්වති. ඒ අනුව එක් වැඩසටහනක් ඇඹිලිපිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලංකාව නිත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතා කරන ලෝකයේ රටවල් අතුරින් ඉතා ඉහල ස්ථානයක සිටින අතර, මෑත කාලයක සිට මෙම නිත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට රජය ආරම්භ කර ඇත. ඒ අනුව නව නීති කෙටුම්පත් කර, නව පනත් කීපයක් සම්මත කර ඇති අතර, ඒ අනුව මෙසේ මෘදුකාංග අලෙවි කරන්නන් හා භාවිතා කරන්නන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරගෙන යනු ලබයි.

මෙම නීත්‍යානුකූල නොවන මෘදුකාංග වෙනුවට, නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතා කිරීමේ පහසුකම් ඇති අතර, ඒ සදහා කිසිදු මුදලක් වැය කල යුතු නොවේ. මේ පිළිබදව අදාල මගපෙන්වීම් හා දැනුවත් කිරීම් සිදු කිරීම තුළින් ප්‍රජාව මේ සදහා යොමු කිරීම මෙම වැඩසටහන් මගින් අපේක්ෂා කෙරේ. Read more…

පරණ පරිගණක වලට නැවත පණ දෙන්න LTSP (Linux Terminal Server Project)

June 15, 2010 25 comments

Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.

මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය තුළ ප්‍රධාන පරිගණක වර්ග 02 ක් තියෙනවා.

  • Server PC එකක් ( P4 එකක් 🙂 )
  • Terminal Pc’s (P1 හෝ P2 වගේ ඒවා) Read more…

තොරතුරු තාක්ෂණ ගුරුවරු සදහා වූ විවෘත කේතක වැඩමුළුව සාර්ථකව නිමවෙයි.

June 7, 2010 6 comments

ඇඹිලිපිටිය කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා පවත්වනු ලැබූ දින 03 ක විවෘත කේතක මෘදුකාංග පිළිබදව වැඩමුළුව සාර්ථක ලෙස අවසන් වූවා. 2010 ජූනි මස 04, 05, 06 යන දින වල ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පරිගණක අංශයේදී පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සදහා ගුරුවරුන් 40 කට අධික පිරිසක් සහභාගී වූවා. ඇඹිලිපිටිය කලාප අධයාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක තුෂාර මහතාගේ සංවිධානයෙන් පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සදහා සම්පත් දායතක්වය  මම සමග රේඛ සදරුවන් විසින් නොමිලේ ලබා දෙනු ලැබුවා. මෙම වැඩමුළුවේදී පහත කරුණු පිළිබදව ගුරුවරුන් වෙත පුහුණුව ලබා‍ දෙනු ලැබුවා. Read more…

ඇඹිලිපිටිය කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා විවෘත කේතක මෘදුකාංග පිළිබදව පුහුණු වැඩමුළුවක්.

May 26, 2010 Leave a comment

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ඇති පාසල් වල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා විවෘත කේතක මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව තෙදින පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් අපගේ සම්පත් දායකත්වයෙන් සිදුකරන මෙම පුහුණු වැඩමුළුව 2010 ජුනි 4,5,6 යන දින වලදී ඇඹිලිපිටිය උඩගම මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේදී පැවැත්වීමට නියමිතයි. අප විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලබනවා. ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පරිගණක ගුරු උපදේශක තුෂාර මහතා විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබනවා. මේ සදහා මෙම කලාපයේ තොරතුරු තාක්ෂණය විෂයක් වශයෙන් උගන්වනු ලබන පාසල් වල ගුරුවරුන් 40 ක් පමණ සහභාගී වීමට නියමිතයි.